ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක ගැන තේරීම් කමිටු සභාපති දැක්වූ අදහස. -
News

ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක ගැන තේරීම් කමිටු සභාපති දැක්වූ අදහස.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර විස්සයි විස්ස තරඟ 3ක්, එක්දින තරඟ 3ක් හා ටෙස්ට් තරඟ 2කින් යුත් පූර්ණ තරඟාවලියක් හෙට (4) ආරම්භ වන අතර, පලමුවෙන්ම විස්සයි විස්ස තරඟ මාලාව ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායමේ ස්ථිර නායක වනිඳු හසරංග හට, අයි.සී.සී ය මඟින් ලැබුණු තරඟ දෙකක තහනම හේතුවෙන් ඔහුට බංග්ලාදේශය සමඟින් පලමු තරඟ දෙක අහිමිවන අතර, ඒ වෙනුවට චරිත් අසලංක නායකත්වය දරයි. ඊට අමතරව පැතුම් නිස්සංකට ද ආබාධයක් හේතුවෙන් මෙම විස්සයි විස්ස තරඟාවලිය අහිමිවුණා.

එක්දින තරඟයක ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු සහ එකම ද්විත්ව ශතකය වාර්තා කළ, මේ වන විට ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක සම්බන්ධයෙන් තේරීම් කමිටු සභාපති උපුල් තරංඟ පැවසූවේ මෙවන් අදහසක්,

“ඔහු මේ මොහොතේ අපේ හොඳම පිතිකරුවා වන අතර අපි මෙවර ලෝක කුසලානයකට යන බැවින් අපි ඔහුව නිසි ලෙස කළමනාකරණය කළ යුතුයි, ඔහු එක්දින තරඟ සඳහා සූදානම් වනු ඇත, නමුත් අපට ඔහුව ටෙස්ට් තරඟාවලියට ක්‍රීඩා කිරීමට අවශ්‍යද යන්න අපි මේ මොහොතේ සාකච්ඡා කරමින් සිටිමු.”

“පිට කොන්දේද ආබාධයක් තිබෙන පැතුම් නිස්සංකට, ටෙස්ට් පිටියේ දිගු ඉනිමක් ක්‍රීඩා කළ හැකි නමුත් ලෝක කුසලාන තරගාවලියකට ඔහුගේ කාර්යය දැඩිව අවශ්‍ය වන බැවින් මේ මොහොතේ ටෙස්ට් තරඟ රටාවෙන් ඔහුව ඉවත් කර තිබෙනවා ,තරංග පැහැදිලි කළේය.

පැතුම් නිස්සංක 2022 ජූලි මාසයේ සිට ටෙස්ට් තරඟයක් ක්‍රීඩා කර නොමැති අතර, මෙයින් අදහස් කරන්නේ සීමිත පන්දුවාර තරගාවලිය අවසානයේ ආරම්භ වන බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් ද නිශ්ශංක විවේක ගැන්වීමට ඉඩ ඇති බවයි.

ශ්‍රී ලංකාව – බංග්ලාදේශය අතර පූර්ණ තරඟාවලියේ තරඟ කාළසටහන මෙන්න >>> (සම්පූර්ණ විස්තරය මෙතනින් බලන්න)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button