පෙබරවාරි මාසයේ ක්‍රීඩකයා සඳහා නිර්දේශිත නාම නිවේදනය කරයි.. ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුත් ඒ අතර.. -
All News

පෙබරවාරි මාසයේ ක්‍රීඩකයා සඳහා නිර්දේශිත නාම නිවේදනය කරයි.. ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකුත් ඒ අතර..

ICC ය විසින් නම් කරන පෙබරවාරි මාසයට අදාළ හොඳම ක්‍රීඩකයා සඳහා නිර්දේශිත නාමයක් නිවේදනය කර තිබෙනවා.

එම නිර්දේශිත නාම අතරට නවසීලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන්, ඉන්දීය යොවුන් පිතිකරු යශස්වි ජයිස්වාල් සහ ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකව නම්කර තිබෙනවා. ඒ ගෙවීගිය පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ සුවිශේෂී දස්කම් හේතු කරගනිමින්.

දකුණු අප්‍රිකාවට එරෙහිව පැවති ටෙස්ට් තරඟාවලිය තුළ ශතක ත්‍රිත්වයක් වාර්තා කිරීමට කේන් විලියම්සන් සමත්වූනා. එංගලන්තයට එරෙහිව ටෙස්ට් තරඟාවලියේ විශිෂ්ට දස්කම් දැක්වීමට යශස්වි ජයිස්වාල් සමත්වුනේ ද්විත්ව ශතකයක් වාර්තා කරමින්.

එලෙසම ඇෆ්ගනිස්තානයට එරෙහිව එක්දින තරඟාවලියේදී ද්විත්ව ශතකයක්ද සමඟින් ශතක් ද්විත්වයක් වාර්තා කිරීමට පැතුම් නිශ්ශංක සමත්වුනා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button