තරඟය ආරම්භයේදීම අවිශ්ක ප්‍රනාන්දු දැවීයයි. -
Video

තරඟය ආරම්භයේදීම අවිශ්ක ප්‍රනාන්දු දැවීයයි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය අද(04) ආරම්භ වුනා. පසුගිය ලෝක කුසලානයේ ඇන්ජලෝ මැතිවුස්ව timed-out යටතේ දැවී යාම හේතුවෙන් දෙරට අතර ක්‍රීඩා පිටියේ මෙන්ම ඉන් පිටතදී ද සෑහෙන්න කතා බහට ලක්වුනා. එම සිදුවීමෙන් පසු එම තරගයේම ශකීබ්ගෙ කඩුල්ල දවාගැනීමෙන් පසු මැතිවුස් එය සැමරූ අයුරු ඔබට මතක ඇති.

අද තරගයේදී අවිශ්ක ප්‍රනාන්දු දෙවන පන්දුවෙන්ම ලකුණු 04 කට දවාගැනීමට ෂොරිෆුල් ඉස්ලාම් සමත්වුනා. ඔහු එය සැමරුවේ මැතිවුස් ශකීබ්ගේ කඩුල්ල සැමරූ ආකාරයෙන්. එය ලංකා ක්‍රීඩකයන්ට මෙන්ම ප්‍රේක්ෂකයන්ටද එය අමතක නොවන සිදුවීමක් වනු ඇත.

අවිශ්ක ප්‍රනාන්දු දැවීගිය අවස්ථාවේ ෂොරිෆුල් ඉස්ලාම්ගේ කින්ඩිය

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button