දුනිත් වෙල්ලාලගේ සිටියදී, ජෙෆ්රි වැන්ඩසේට අවස්ථාව ලබාදුන්නේ ඇයි?? -
Conference

දුනිත් වෙල්ලාලගේ සිටියදී, ජෙෆ්රි වැන්ඩසේට අවස්ථාව ලබාදුන්නේ ඇයි??

බංග්ලාදේශ සංචාරය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි උපුල් තරංග ප්‍රමුඛ තේරීම් කමිටු සාමාජිකයින් මාධ්‍ය හමුවමක් කැඳවමින් බංග්ලාදේශ සංචාරය වෙනුවෙන් නම්කළ සංචිතය පිළිබඳව කරුණු සඳහන් කළා.

එහිදී දිනේෂ් චන්දිමාල්ව විස්සයි විස්ස සංචිතයට එක්කර නොගැනීම පිළිබඳව මාධ්‍යවේදියෙක් ඇසු පැනයකට උපුල් තරංග මෙලෙසින් පිළිතුරු ලබාදුන්නා.

” ඔහු ඇත්තටම ඔහුගේ නමත් අපි සලකා බැලුවා. අපි අතහැරලා නෑ කිසිම ක්‍රීඩකයෙක්ව. විශේෂයෙන් චන්දිමාල් වගේ කෙනෙක් T20 වලත් එක්දින තරඟ වලත් අපි අතහැරලා නෑ. අපි තාම බලනවා ඔහුව. අපි කැප්ටන් සහ කෝච් එක්කත් කතා කළා. මන් හිතන්නෙ ඔවුන්ගෙත් වැඩිපුර කැමැත්ත තිබ්බෙ නිරෝශන් දික්වැල්ලට. ඒකත් එක්ක තමයි අපි දික්වැල්ල එක්ක ගියේ. “

වනිඳු හසරංග හට පළමු තරඟ දෙක ක්‍රීඩාකිරිමට නොහැකි වීම නිසා ඔහු වෙනුවට දුනිත් වෙල්ලාලගේට අවස්තාව ලබානොදී ජෙෆ්‍ර්රි වැන්ඩර්සේ හට අවස්තාව ලබා දීම පිළිබඳවද උපුල් තරංග පැහැදිලි කළේ මෙලෙසින්.

අපි දුනිත් නැතුව ජෙෆ්‍ර්රිට ගියේ මොකද අපි විශ්වාස කරනවා T20 තරඟවලදී අපිට විකට් ටේකින් ඔෆ්ශන් එකක් ඕනෙ නිසා. මොකද වනිඳු ඕල්රවුන්ඩර් කෙනෙක් වුනාට විකට් ටේකින් බෝලර් කෙනෙක්. අපි තීරණය කළා ජෙෆ්‍ර්රි දුනිත්ට වඩා ඇටෑකින් බෝලර් කෙනෙක් කියලා. ඒ නිසා තමයි ඔහු එක්ක අපි ගියේ.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button