පෙරී එල්ල කළ දැවැන්ත පහරින් ජීෆ් රථයේ වීදුරු කුඩු… -
IPL-Women

පෙරී එල්ල කළ දැවැන්ත පහරින් ජීෆ් රථයේ වීදුරු කුඩු…

මෙවර ඉන්දියා කාන්තා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ පැවැත්වුණා. ඒ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ අප් වොරියර්ස් කණ්ඩායම අතරයි. මෙම තරඟයෙන් ලකුණු 23 ක ජයක් හිමිකරගැනීමට බැංගලෝර් කණ්ඩායම සමත්වුණා.

බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 03 කට ලකුණු 198 ක් රැස්කළ අතර සුපිරි ඉනිමක් දියත්කළ නායක සිම්ර්ති මන්දනා පන්දු 50 කදී ලකුණු 80 ක් රැස්කළ අතර වේගවත් ප්‍රහාරයක් දියත්කළ එලිස් පෙරී ලකුණු 58 ක් රැස්කළා.

තරඟයේ සියල්ලන්ගේම අවධානය දිනාගත් සිදුවීම වූයේ එලිස් පෙරී එල්ල කළ දැවැන්ත හයේ පහරක් හේතුවෙන් ප්‍රදර්ශණයට තබා තිබූ SUV රථයක වීදුරු කුඩු වීමයි. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

මෙම තරඟයට අප් වොරියර්ස් කණ්ඩායම නියෝජනය කරමින් චමරි අතපත්තු ක්‍රීඩාකළ අතර ඇයට සාර්ථක වීමට හැකිවුණේ නෑ. ඇයගේ පන්දුවාර 03 තුළ ලකුණු 32 ක් ලබාගැනීමට බැංගලෝර් ක්‍රීඩිකාවන් සමත්වූ අතර පිළිතුරු ඉනිමේදී ලකුණු 08 කට දැවීයාමට ඇයට සිදුවුණා.

එලිස් පෙරී එල්ල කළ හයේ පහරින් SUV රථයේ වීදුරු කුඩු වූ අවස්තාව ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button