සුළු දෙයකින් පුංචි හිතක් සතුටු කළ කොලින් මුන්රෝ -
Video

සුළු දෙයකින් පුංචි හිතක් සතුටු කළ කොලින් මුන්රෝ

පාකිස්තාන් සුපර් ලීග් තරඟාවලියේ පේශ්වර් සල්මි කණ්ඩායම සහ ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම අතර පැවති තරඟයේදී ක්‍රීඩාවට ආදරය කරන සියල්ලන්ගේම පැසසුමට ලක්වූ අපූරු සිදුවීමක් සිදුවුණා.

ඒ බ්‍රවුන්ඩ්‍රියෙන් පිටත පන්දු ඇල්ලීම සඳහා යොදවා තිබූ බෝල් බෝයි කෙනෙකු සහ ඉස්ලාමාබාද් යුනයිටඩ් ක්‍රීඩක කොලින් මුන්රෝ අතරයි. ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු එල්ල කළ හයේ පහරක් බ්‍රවුන්ඩ්‍රියෙන් එපිටදී රැකගැනීමට ගිය අවස්තාවකදී බෝල් බොයි අතින් එය ගිලිහී යනවා. එම අවස්තාවේදී බ්‍රවුන්ඩ්‍රිය අසළ සිටි කොලින් මුන්රෝ ඔහුට පන්දුව රැකගතයුතු නිවරැදි ආකාරය පහදා දෙනවා. නැවත වරක් ප්‍රතිවාදී ක්‍රීඩකයෙකු එල්ල කළ හයේ පහරක් බ්‍රවුන්ඩ්‍රිය එපිටදී විශිෂ්ට ලෙස රැකගැනීමට බෝල් බෝයි සමත්වෙනවා. එම අවස්තාවේදී ඔහුව බදාගනිමින් සතුට සැමරීමට කොලින් මුන්රෝ අමතක කළේ නෑ..

මෙය ක්‍රිකට්වලට ආදරය කරන සියල්ලන් අතර පැසසුමට ලක්වූ සිදුවීමක් වුණා..

එම අවස්තාව පහතින් නරඹන්න. ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button