LPL 05 වන අදියරේ ගාල්ල කණ්ඩායමේ වෙනසක්.. නිල නාමයේද වෙනසක්.. -
News

LPL 05 වන අදියරේ ගාල්ල කණ්ඩායමේ වෙනසක්.. නිල නාමයේද වෙනසක්..

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදී මෙතෙක් Galle Titans ලෙස සහභාගී වූ ගාල්ල කණ්ඩායම සිය නාමය Galle Marvels ලෙසින් වෙනස් කිරීමට කටයුතු කර තිබෙනවා.

මීට හේතු වී ඇත්තේ ගාල්ල කණ්ඩායමේ හිමිකාරීත්වයේ වෙනසක් සිදුවීමයි. ඒ අනුව Galle Marvels කණ්ඩායමේ නව හිමිකාරීත්වය හිමිවී ඇත්තේ Tattva Group හිමිකරුවන් වන Malav Patel සහ Neil Patel, Aanya Properties LLC හිමිකරු වන Himanshu Patel සහ Thakkar Group කළමනාකාර අධ්‍යක්ෂක Prem Thakkar යන ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසකටයි. 

ගාල්ල කණ්ඩායම සිය නම වෙනස් කිරීම පිළිබඳව නිළ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය තුළ ගාල්ල කණ්ඩායමේ නම වෙනස් වූ තෙවන අවස්තාව මෙය වන අතර මීට පෙර ඔවුන් Galle Gladiators සහ Galle Titans යන නම්වලින් ක්‍රීඩා කළා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button