තරඟය අවසානයේදී කණ්ඩායමෙන් ලබාදෙන ත්‍යාගය අවිශ්ක ප්‍රනාන්දුට. -
News

තරඟය අවසානයේදී කණ්ඩායමෙන් ලබාදෙන ත්‍යාගය අවිශ්ක ප්‍රනාන්දුට.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරඟ 3කින් සමඟින් විස්සයි විස්ස තරඟාවලියේ දෙවන තරඟයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කර ගැනීමත් සමඟින් තරඟාවලියේ 1-1ක් ලෙස සමකර ගැනීමට බංග්ලාදේශය කණ්ඩායම ඊයේ (6) සමත්වුණා.

පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු 165, සාර්ථක හඹායමින් තරඟය කඩුලු 8කින් ජයගගැනීමට බංග්ලාදේශය සමත්වූ අතර ඒ සඳහා ඔවුන් වැය කළ පන්දුවාර සංඛ්‍යාව 18.1 ක්.

තරඟයෙන් අනතුරුව, හොඳම පන්දු රැකීමේ කාර්යයේ නිරත වූ ක්‍රීඩකයාට ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලබාදෙන “Orange Cap and the gold coin” සම්මානය අවිශ්ක ප්‍රනාන්දු හට පිරිනැමුනා.

අවිශ්ක ප්‍රනාන්දුට මෙම තරඟයේදීත් පිත්තෙන් දස්කම් දැක්වීමට නොහැකි වුනත්, (0 Runs) පන්දු රැකීමේදී, තරඟය පුරාවට ඔහු දක්ශ පන්දු රැකීමක නිරත වුණා. මේ තරඟයේදීත් පිත්තෙන් අසාර්ථක වූ ඔහු, ලෝක වාර්තාවක් ද තැබීමට සමත්විය.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button