“Time Out සිදුවීම ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් අමතක කරන්න බැහැ” – නජ්මුල් හුසේන් සන්ටු -
Conference

“Time Out සිදුවීම ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් අමතක කරන්න බැහැ” – නජ්මුල් හුසේන් සන්ටු

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය කණ්ඩායම අතර තරඟ 03 කින් සමන්විත විස්සයි විස්ස තරඟාවලියේ අවසන් තරඟය ඊයේ (09) පැවැත්වුණු අතර ලකුණු 28 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ 2-1 ක් ලෙස තරඟාවලියේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

තරඟයෙන් අනතුරුව කුසලානය ලබාගත් අවස්තාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් ජයග්‍රහණය සැමරුවේ Time Out සිදුවීම සිහිගන්වන හස්ත මුද්‍රාවකින්. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

මෙම සිදුවීම සමබන්ධව බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් සන්ටු අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකා කණ්ඩායම Time Out සිදුවීම අමතක කර වර්තමානයට පැමිණිය යුතු බවයි. ඔහු ඒ පිළිබඳව මෙලෙසින් අදහස් දැක්වුවා.

” Time out සිදුවීම ශ්‍රී ලංකාවට තවම අමතක කරන්න බැහැ. මම හිතන්නෙ ඔවුන් එයින් මිදිය යුතුයි. ඔවුන් වර්තමානයේ සිටිය යුතුයි. අපි ක්‍රීඩාවෙ නිතීයට පිටින් කිසිවක් කළේ නෑ. අපි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කළ දේවල් ගැන කණගාටු වෙන්නෙ නෑ.”

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් Time Out ආකාරයට ජයග්‍රහණය සැමරූ අයුරු ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button