ලහිරු තිරිමාන්න පල්ලෙකැලේ දෙවනත් කරයි. -
Legends

ලහිරු තිරිමාන්න පල්ලෙකැලේ දෙවනත් කරයි.

Legends Cricket Trophy 2024 තරගාවලියේ හයවන තරගය අද(11) පල්ලෙකැලේ පිටියේදී දිල්ලි ඩෙවිල්ස් හා නිව්යෝක් සුපර්ස්ටාර් ස්ට්‍රයිකර්ස් අතර පැවැත්වුනා. කාසියේ වාසිය දිනාගත් දිල්ලි ඩෙවිල්ස් නායක සුරේෂ් රයිනා පලමුව පන්දු යැවීම තෝරාගත්තා.

ඒ අනුව පිටියට පිවිසියේ New York SuperStar Strikers ආරම්භක පිතිකරුවන් වන ලහිරු තිරිමාන්න සමගින් චැඩ්වික් වෝල්ටන්. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල ලහිරු තිරිමාන්න පන්දු 39 කින් වේගවත් ලකුණු 90 ක් රැස් කලා. ඔහුගේ ඉනිමට හයේ පහරවල් 05 ක් සහ හතරේ පහරවල් 11 ක් ඇතුලත් වුනා.

තිරිමාන්න හැරුනු කොට අන් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාවට ලගාවීමට හැකි වූයේ නැහැ. අසේල ගුනරත්න පන්දු 9 කින් ලකුණු 17 ක් සහ චාමර කපුගෙදර පන්දු 4 කින් ලකුණු 14 ක් රැස්කලා. පන්දුවාර 15 අවසානයේ New York SuperStar Strikers කණ්ඩායම කඩුලු 6 කට ලකුණු 185 ක් රැස් කලා.

ලකුණු 186 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි දිල්ලි ඩෙවිල්ස් කණ්ඩායමට පන්දුවාර 15 අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 135 ක් පමණයි. නායක සුරේෂ් රයිනා පන්දු 35 කින් නොදැවී අර්ධ ශතකයක් වාර්තා කල අතර ඔහුගේ ඉනිමට හයේ පහරවල් 2 ක් සහ හතරේ පහරවල් 5 ක් ඇතුලත් වුනා.

අශාන් ප්‍රියන්ජන් පන්දු11 කදී නොදැවී ලකුණු 20 ක් රැස් කලා. පන්දු යැවීමේදී ඉසුරු උදාන ලකුණු 34 කට කඩුලු 03 ක් බිඳ හෙලුවා. ඒ අනුව New York SuperStar Strikers කණ්ඩායම ලකුණු 50 ක පරතරයකින් තරගය ජයග්‍රහණය කරනු ලැබුවා. තරගයේ වීරයා සුපිරි ඉනිමක් ක්‍රීඩා කල ලහිරු තිරිමාන්නයි.

ලහිරු තිරිමාන්නගේ විශිෂ්ඨ ඉනිම වීඩියෝ එක,

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button