TM ඩිල්ශාන්ගේ වේගවත් ඉනිම අපතේ යයි. New york strikers කණ්ඩායමට ලකුණු 54ක ජයක්. -
LeagueLegends

TM ඩිල්ශාන්ගේ වේගවත් ඉනිම අපතේ යයි. New york strikers කණ්ඩායමට ලකුණු 54ක ජයක්.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ලෙජන්ඩ් ක්‍රිකට් ට්‍රෝෆී තරඟාවලියේ 8 වන තරඟය ලෙස New york superstar strikers හා Punjab royals කණ්ඩායම අතර පැවතී තරඟයෙන් ලකුණු 54ක ජයක් ලබාගැනීමට New york superstar strikers කණ්ඩායම සමත්වුණා.

පලමුව පන්දුවට පහර දුන් New york superstar strikers කණ්ඩායම නියමිත පන්දුවාර 15 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 175ක් ලබාගැනීමට සමත්වූ අතර, සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Chadwick Walton පන්දු 33කදී වේගවත් ලකුණු 73 ක් වාර්තාකර ගැනීමට සමත්වුණා. (අසේල ගුණරත්න පන්දු 7කදී නොදැවී ලකුණු 17)

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ TM ඩිල්ශාන්ගේ නායකත්වයෙන් යුත් Punjab royals කණ්ඩායමට පන්දුවාර 15 අවසානයේදී කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 121ක් පමණයි. එහිදී TM ඩිල්ශාන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 14කදී හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් සමඟින් ලකුණු 31ක් ලබාගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේදී අසේල ගුණරත්න පන්දුවාර 4ක් අවසානයේදී ලකුණු 22කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, Sulieman Benn ලකුණු 21කට කඩුලු 2ක් බිඳ දැමූවා.

TM ඩිල්ශාන්ගේ වේගවත් ඉනිම හා, අසේල ගුණරත්න ලබාගත් කඩුලු තුන වීඩියෝ මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button