ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් ලකුණු 84කට දැවී යයි. -
All News

ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් ලකුණු 84කට දැවී යයි.

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වීමට පලමු එක්දින තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක පලමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගත් නමුත් මේ වන විට පන්දුවාර 18ක් අවසානයේදී ලකුණු 95කට කඩුලු 3ක් බිඳ වැටී තිබෙනවා.

පැතුම් නිස්සංක හා අවිශ්ක ප්‍රනාන්දු පලමු කඩුල්ල සඳහා ලකුණු 71ක සබඳතාවක් ගොඩනැගීමට සමත්වුණා. අවිශ්ක ප්‍රනාන්දු පන්දු 33කදී ලකුණු 33ක් ලබාසිටියදී දැවීයාමෙන් අනතුරුව, පැතුම් නිස්සංක ද ලකුණු 36කට දැවී ගියා.

ඉන් අනතුරුව නායක කුසල් මෙන්ඩිස් සමඟින් එක්වූ සදීර සමරවික්‍රමට ද සාර්ථක වීමට හැකිවුණේ නැහැ. ශ්‍රී ලංකා ඉනිමේ 3 වන කඩුල්ල ලෙස Tanzim Hasan Sakibගේ පන්දුවකට සදීර සමරවික්‍රම දැවීගියේ මුශ්ෆිකර් රහීම්ගේ විශිෂ්ඨ උඩපන්දු රැකීමක් හමුවේ යි.

ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 3කට ලකුණු 83ක් ලෙස සටහන්ව තිබූ අතර, ආරම්භක කඩුලු තුනම දවාගැනීමට සමත්වූයේ Tanzim Hasan Sakib විසිනි.

සදීර සමරවික්‍රම දවාගැනීමට මුශ්ෆිකර් රහීම් රැකගත් විශිෂ්ඨ උඩපන්දුව.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button