පලමු තරඟයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්. -
Match Results

පලමු තරඟයෙන් ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පලමු එක්දින තරඟයෙන්, කඩුලු 6ක විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමට බංග්ලාදේශය කණ්ඩායම අද (13) සමත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 255ක් රැස්කර ගැනීමට සමත්වුණා. එහිදී ජනිත් ලියනගේ පන්දු 69කදී ලකුණු 67ක් හා නායක කුසල් මෙන්ඩිස් පන්දු 75කදී ලකුණු 59ක් රැස්කර ගැනීමට සමත්වුණා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 44.4ක් අවසානයේදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 257ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයගැනීමට සමත්වු අතර, විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක Najmul Hossain Shanto ශතකයක් ද වාර්තාකිරීමට සමත්වුණා. ඔහු නොදැවී ලකුණු 122යි.

ඊට අමතරව මුශ්ෆිකර් රහීම් පන්දු 84කදී නොදැවී ලකුණු 73ක් හා Mahmudullah ලකුණු 37ක් ද ලබාගත්තා.

පන්දු යැවීමේදී ඩිල්ශාන් මදුශංක කඩුලු 2ක් හා, ප්‍රමෝද් මදුශාන් හා ලහිරු කුමාර අතරේ එක් කඩුල්ල බැඟින් බෙදීගියා.

ඩිල්ශාන් මදුශංක රැකගත් විශිෂ්ඨ උඩපන්දුව වීඩියෝ එක

ඩිල්ශාන් මදුශංක බංග්ලාදේශය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාව දවාගත් ආකාරය වීඩියෝ එක මෙන්න >>> Video

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button