උපුල් තරංගගෙන් තරඟ පාවාදිමක් සම්බන්ධව පැමිණිලි… -
News

උපුල් තරංගගෙන් තරඟ පාවාදිමක් සම්බන්ධව පැමිණිලි…

ලොව හිටපු සුපිරි ක්‍රිකට් තරුවල සහභාගිත්වයෙන් මේ දිනවල පැවැත්වෙන Legends Cricket Trophy තරඟාවලිය අතරතුර මුදලට තරඟ පාවාදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඒ මෙම තරඟාවලියට ක්‍රීඩාකරන ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක උපුල් තරංග සහ නවසීලන්ත හිටපු ක්‍රීඩක නීල් බෲම් කළ පැමිණිල්ලකට අනුවයි.

ඉන්දීය ක්‍රිකට් කළමනාකරුවෙකු වන යෝනි පටෙල් සහ ඔහුගේ සහයක පැචලෝඩියා ආකාශ් විසින් උපුල් තරංගට සහ නීල් බෲම්ට තරඟ පාවාදිමක් සඳහා ඇරයුමක් කළ ඇති බවට චෝදනා එල්ල වෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් උපුල් තරංග සහ නීල් බෲම් ශ්‍රී ලංකා ක්‍රිකට වංචා දූශණ විමර්ශන ඒකකයට සහ අනතුරුව ICC වංචා දූශණ ඒකකය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ සිදුවීම ගැන ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර සැකකාර ඉන්දීය කළමනාකාර යෝනි පටෙල් සහ පැචලෝඩියා ආකාශ්ට දිවයිනෙන් පිටත්ව යාම වළක්වාලමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝගයක්ද නිකුත් කර තිබෙනවා. පැනවූ මෙම තහනම මාසයක් බලපැවැත්වෙන අතර මෙම සිදුවීමට අමතරව තවත් ක්‍රීඩකියින්ට තරඟ පාවාදීමට බලපෑමක් එල්ල වී තිබෙනවාද යන්න ගැනත් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button