පොඩිකාලේ සොෆ්ට්බෝල් ගහන කොට ලොකු අයියලා මාව සෙල්ලම් කරන්න ගත්තේ නෑ – නුවන් තුශාර -
Conference

පොඩිකාලේ සොෆ්ට්බෝල් ගහන කොට ලොකු අයියලා මාව සෙල්ලම් කරන්න ගත්තේ නෑ – නුවන් තුශාර

පොඩි කාලේ අපේ ගමේ ක්‍රිකට් තිබුනේ සොෆ්ට්බෝල් තමයි. ඉතින් අපිව ඉස්සර ලොකු කට්ටිය අපිව සෙල්ලම් කරන්න ගන්නෙ නැ. ඉස්කෝලෙ ගිහිල්ලා ඇවිල්ලා අපේ ගෙදර පල්ලෙහා ග්‍රවුන්ඩ් එකක් තියෙනවා අපි ඉස්කෝලෙ යන පිට්ටනියේ. ඒ පිට්ටනියේ මම ඉතින් තනියම විකට් කූරක් ඉන්දගෙන මං බෝල් කරන්න ගත්තා.

ටික ටික යන්න යන්න කොහොමහරි හයියෙන් දාන්න ඕනි උනා. ඊට පස්සෙ යෝකර්ස් වගේ දාන්න ඕනි උන නිසා , ගොඩක් අස්සට ගහන්න ඔනි උන නිසා අත පැත්තෙන් ගියා.

කරන්දෙණියේ අයියා කෙනෙක් තමයි මාව අම්බලන්ගොඩ අයියා කෙනෙක් ගාවට යැව්වේ. ඊට පස්සේ ඒ අයියා තමයි මාව කුමාර අයියා ගාවට යවලා කුමාර අයියා අනූෂ සර්ගේ නම්බර් එක දීලා මල්ලි ඔයාට ලොකු ගමනක් තියෙනවා ඔයා අනූෂ සර් ගාවට යන්න කියලා කිව්වා.

පළවෙනි දවසේ අයියත් එක්ක කෙත්තාරාමෙට ආවා. අනූෂ සර් ඇවිල්ලා ඇහුවා මල්ලි බෝල් කරන්න මොනවා හරි තියෙනවද කියලා. මං ඊට පස්සෙ ඩෙක්ස් දෙකක් දාගෙන හිටියේ. මං එතකොට දන්නැ ටර්ෆ් එකේ බූට් දාගෙනවත් බෝල් කරන්න ඕනිද කියලා. ඩෙක්ස් දෙක දාගෙන බෝල් කරාම වැටුනා. ඊට පස්සෙ මුබාරක් අයියා ලග හිටපු අයියා කෙනෙක්ගෙන් බූට් දෙකක් ගලවලා ආ මල්ලි මේ දෙක දාගෙන බෝල් කරන්න කියලා කිව්වා.

ඊට පස්සෙ බෝල් කරලා දවස් දෙකක් විතර අනූෂ සර් ගාව ප්‍රැක්ටික්ස් කරන කොට මුබාරක් අයියා කිව්වා NCC එන්න මල්ලි කියලා. ඊට පස්සෙ දිල්හාර අයියත් එදා මම බෝල් කරනවා දැකලා එයා එන්න කිව්ව මට SSC එකට. ඊට පස්සෙ තමයි මම SSC එකෙන් ක්‍රිකට් පටන් ගත්තේ.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button