ජනිත් ලියනගේ මංගල ශතකය රැස්කර ගනී. -
Video

ජනිත් ලියනගේ මංගල ශතකය රැස්කර ගනී.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තෙවන එක්දින තරගය අද(18) ආරම්භ වුනා. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කලා. ශ්‍රී ලංකා කණ්ඩායම අද පිටියට පිවිසියේ ආබාධයකට ලක්වූ ඩිල්ෂාන් මදුසංඛ වෙනුවට මහීෂ් තීක්ෂන අද ක්‍රීඩා කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසියේ පැතුම් නිස්සංක සමගින් අවිශ්ක ප්‍රනාන්දු. පැතුම් නිස්සංක ලකුණු 1 කට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවීගියා. කෙසේ නමුත් පසුව පුණරූපන මගින් පෙනී ගියේ එය දැවීයාමක් නොවන බවයි. පැතුම් නිස්සංක එම දැවීයාම තෙවන විනිසුරුවට යොමු නොකර පිටියෙන් ඉවත්වුනා. දිගින් දිගටම අසාර්ථක වූ අවිශ්ක ප්‍රනාන්දු අද දිනයේද රැස් කලේ ලකුණු 4 ක් පමණයි.

නායක කුසල් මෙන්ඩිස් පන්දු 51 කට මුහුණ දී රැස් කලේ ලකුණු 29 ක් පමණයි. සදීර සමරවික්‍රම ලකුණු 14 කට දවාගැනීමට මුස්ටෆිසූර් සමත්වුනා. උප නායක චරිත් අසලංක පන්දු 46 කදී ලකුණු 37 ක් රැස් කලා. ශ්‍රී ලංකා ඉනිම කඩුලු 5 ක් දැවී යන විට දැක්වුනෙ ලකුණු 117 ක් පමණයි. දුනිත් වෙල්ලාලගේ හට පන්දු 18 කට මුහුණ දී රැස් කරගත හැකිවූයේ ලකුණු 1 ක් පමණයි. වනිදු හසරංග ලකුණු 11යි. ලකුණු 154 කට කඩුලු 7 ක් බිඳවැටුනු ඉනිම ගොඩ නැගීමට එක් වූයේ ජනිත් ලියනගේ සමගින් මහීෂ් තීක්ෂණ. ඔවුන් දෙදෙනා 08 වන් කඩුල්ලට ලකුණු 60 ක සබඳතාවක් එක් කලා. මහීෂ් තීක්ෂන ලකුනු 15 කට දැවීයාමෙන් එම සබඳතාව බිඳ වැටුනා.

එක් අන්තයක හුදකලා වූ ජනිත් ලියනගේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් තම මංගල එක්දින ශතකය වාර්තා කිරීමට සමත්වුනා. පන්දු 102 කදී නොදැවී ලකුණු 101 ක් රැස් කල ඔහුගේ ඉනිමට හයේ පහරවල් 02 ක් සහ හතරේ පහරවල් 11 ක් ඇතුලත් වුනා. පීඩනය මැනවින් හසුරුවමින් දියත්කල මෙම ඉනිම නවක ක්‍රීඩකයෙක් ලෙස ඉතාමත් ප්‍රශංසනීයයි.
පන්දුවාර 50 අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කරගැනීමට හැකිවූයේ සියලු දෙනා දැවී ලකුණු 235 ක් පමණයි. පන්දුයැවීමේදී ටස්කින් අහමඩ් ලකුණු 42 කට කඩුලු 03 ක් ද මුස්ටෆිසූර් රෙහ්මාන් ලකුණු 39 කට කඩුලු දෙකක්ද මෙහෙදි හසන් මිරාස් ලකුණු 38 කට කඩුලු 02 ක් හා සෞම්‍ය සාකර් ලකුණු 10 කට එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

පැතුම් නිස්සංකගේ දැවී යාම වීඩියෝ එක

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button