වසරේ පලමු වතාවට ශ්‍රී ලංකාවට තරඟාවලි පරාජයක්. -
All News

වසරේ පලමු වතාවට ශ්‍රී ලංකාවට තරඟාවලි පරාජයක්.

තරඟ තුනකින් යුත් එක්දින තරඟාවලියේ තුන්වන තරඟයෙන් විශිෂ්ඨ ජයක් වාර්තාකර ගැනීමත් සමඟින් තරඟ 2-1ක් ලෙස තරඟාවලිය ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේදී සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 235ක් පමණයි.

එහිදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ජනිත් ලියනගේ ජාත්‍යන්තර එක්දින දිවියේ මංගල ශතකය රැස්කර ගැනීමට සමත්වූ අතර ඔහු පන්දු 102කදී නොදැවී ලබාගත් ලකුණු ප්‍රමාණය 101ක්. ඊට අමතර චරිත් අසලංක පන්දු 46කදී ලකුණු 37ක් ද ලබාගැනීමට සමත්වුණා.

අනතුරුව ලකුණු 236ක පහසු ඉලක්කයක් හඹාගිය බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 40.2ක් අවසානයේදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 237ක් ලබාගනිමින් තරඟය පහසුවෙන්ම ජයග්‍රහණය කලේ අවසන් මොහොතේ Rishad Hossain ගෙන් වාර්තාවුන වේගවත් ඉනිමත් සමඟිනි. ඔහු පන්දු 18කදී වේගවත් ලකුණු 48ක් වාර්තා කළ අතර, Tanzid Hasan පන්දු 81කදී ලකුණු 84ක් ද වාර්තාකර ගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේදී ලහිරු කුමාර පන්දුවාර 8ක් අවසානයේදී ලකුණු 48කට කඩුලු 4ක් දවාගත් අතර, වනිඳු හසරංග ලකුණු 64කට කඩුලු 2ක් බිඳ දැමූවා.

තරඟයේ වීරයා සම්මානය Rishad Hossain දිනාගනිද්දී, තරඟාවලියේ වීරයා සම්මානය බංගලාදේශ කණ්ඩායමේ නායක Najmul Hossain Shanto දිනාගත්තා.

ලහිරු කුමාර ලබාගත් කඩුලු 4 වීඩියෝ එක

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button