පසුගිය වසරේ ටෙස්ට් පිටියෙන් සමුගත් වනිඳු හසරංග නැවතත් ටෙස්ට් ක්‍රිකට් පිටියට. -
News

පසුගිය වසරේ ටෙස්ට් පිටියෙන් සමුගත් වනිඳු හසරංග නැවතත් ටෙස්ට් ක්‍රිකට් පිටියට.

පසුගිය වසරේ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අතරතුරේදී ආබාධයකට ලක්වූ වනිඳු හසරංග, ඉන් පසුව තමන් ටෙස්ට් ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බවට නිවේදනය කළ වනිඳු හසරංග නැවතත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සමඟින් එක්වී තිබෙනවා.

සමුගැනීම නිවේදනය කරන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4ක් ක්‍රීඩා කර තිබුණු වනිඳු හසරංග, ටෙස්ට් කඩුලු 4ක් හා පිත්තෙන් ලකුණු 196ක් (ඉනිමක වැඩිම ලකුණු 59) ලබාගෙන සිටියා.

තමාගේ සමුගැනීමේ තීරණය වෙනස් කරගත් වනිඳු හසරංග, බංග්ලාදේශය සමඟින් පැවැත්වීමට නියමිත ටෙස්ට් තරඟාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ද එක්කර තිබෙනවා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button