වනිඳු , ඩිල්ශාන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 4 දෙනෙකුට මෙවර IPL මඟ හැරෙයි. -
News

වනිඳු , ඩිල්ශාන් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 4 දෙනෙකුට මෙවර IPL මඟ හැරෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනට ආබාධයන්ට පත්ව පූර්ණ සුවය ලබා නොසිටින පන්දු යවන්නන් සිව් දෙනා වන වනිදු හසරංග, ඩිල්ෂාන් මධුසංඛ , දුෂ්මන්ත චමීර හා මතීෂ පතිරණ යන ක්‍රීඩකයින්ව මෙවර IPL තරගාවලිය සඳහා නිදහස් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තීරණය ගෙන ඇත්තේ මෙම වසරේ ජූනි මස පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය නිසාය.

වනිදු හසරංග මෙවර සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම මිලදී ගත් අතර ඩිල්ශාන් මදුසංඛ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමත් මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමත් හා දුෂ්මන්ත චමීර කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමත් නියෝජනය කරනු ලබයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button