ඩිල්ශාන් මදුසංක වෙනුවට යොවුන් ලෝක කුසලානයේ වීරයා කැඳවයි. -
IPLLeague

ඩිල්ශාන් මදුසංක වෙනුවට යොවුන් ලෝක කුසලානයේ වීරයා කැඳවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ දැනට ආබාධයන්ට පත්ව පූර්ණ සුවය ලබා නොසිටින පන්දු යවන්නන් සිව් දෙනා වන වනිදු හසරංග, ඩිල්ෂාන් මධුසංඛ , දුෂ්මන්ත චමීර හා මතීෂ පතිරණ යන ක්‍රීඩකයින්ව මෙවර IPL තරගාවලිය සඳහා නිදහස් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළා.

ඒ අනුව මුම්බායි ඉන්දියන් කණ්ඩායම මිලදීගත් දිල්ශාන් මදුසංකට මෙවර IPL තරඟාවලිය අහිමි වීම හේතුවෙන් ඔහුට ආදේශකයක් ලෙස දකුණු අප්‍රිකානු යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක Kwena Maphaka සිය කණ්ඩායමට එක්කර ගෙන තිබෙනවා.

නිමාවූ 2024 19 න් පහළ ලෝක කුසලානයේදී ඔහු සුපිරි දස්කම් දැක්වීමට සමත් වූ අතර යොවුන් ලෝක කුසලාන තරඟාවලීයේ වීරයා ලෙසින්ද සම්මාන හිමිකරගැනීමට Mphaka සමත්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button