දෙවන දිනය අවසන් වන විට තරඟයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට. -
Innings Report

දෙවන දිනය අවසන් වන විට තරඟයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට.

බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර පලමු ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනාගනිමින් පලමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ඉනිම සඳහා සියලුම දෙනා දැවී ලකුණු 280ක් ලබාගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් නායක දනංජය ද සිල්වා ලකුණු 102ක් හා කමිඳු මෙන්ඩිස් ලකුණු 102 බැඟින් ලබාගත් අතර, දනංජය ද සිල්වා වාර්තාකර ගත්තේ ටෙස්ට් දිවියේ 11 වන ශතකයයි.

කුසල් මෙන්ඩිස් ලකුණු 16කට දැවීගිය අතර, එහිදී ඔහු ටෙස්ට් පිටියේ ලකුණු 4000 සීමාව පසුකර යාමට ද සමත්වුණා.

අනතුරුව පලමු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 188ක් පමණයි. බංගලාදේශ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ Taijul Islam ලකුණු 47ක් ලබාගැනීමට සමත්වුණා.

පන්දු යැවීමේදී විශ්ව ප්‍රනාන්දු ලකුණු 48කට කඩුලු 4ක් බිඳ දැමූ අතර, ලහිරු කුමාර හා කසුන් රාජිත කඩුලු තුන බැඟින් දවාගනු ලැබූවා. ලහිරු කුමාර ලබාගත් කඩුලු 3ත් සමඟින් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ (ටෙස්ට් + එක්දින + විස්සයි විස්ස) කඩුලු 150 සීමාවට පැමිණීමට ද සමත්වුණා.

පලමු ඉනිමේ ලකුණු 92ක වාසියත් සමඟින් දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුලු 5ක් දැවී ලකුණු 119ක් ලබාගෙන සිටිනවා. එහිදී හිටපු නායක දිමුත් කරුණාරත්න අර්ධ ශතකයක් ලබාගත් අතර, වත්මන් නායක දනංජය ද සිල්වා ලකුණු 23ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

ලහිරු කුමාර ලබාගත් කඩුලු තුන වීඩියෝ එක

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button