මහේල හා ඩිල්ශාන් පසුකරමින්, දනංජය ද සිල්වා තුන්වන ස්ථානයට. -
All News

මහේල හා ඩිල්ශාන් පසුකරමින්, දනංජය ද සිල්වා තුන්වන ස්ථානයට.

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියේ පලමු තරඟයේ පලමු ඉනිමේදී, කමිඳු මෙන්ඩිස් සමඟින් එක්ව විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ නායක දනංජය ද සිල්වා ශතකයක් ලබාගැනීමට සමත්වුණා.

එම ශතකය ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලබාගත් 11 වන ශතකය වන අතර, නායකත්වයෙන් පසු වාර්තාකළ පලමු ටෙස්ට් ශතකයයි.

මෙම ශතක 11 වාර්තාකර ගැනීම සඳහා දනංජය ද සිල්වාට ඉනිම් 93ක් ක්‍රීඩා කර ඇති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් තුන්වෙනියට වේගවත් ටෙස්ට් ශතක 11ක් ලබාගත් ක්‍රීඩකයා බවට පත්වීමට ඔහු සමත්වූයේ මහේල ජයවර්ධන හා TM ඩිල්ශාන් ව පසුකරමින්.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් පිටියේ අඩුම ඉනිම් සංඛ්‍යාවකින් ටෙස්ට් ශතක 11 වාර්තාකර ඇති ක්‍රීඩකයින්,

තිලාන් සමරවීර – ඉනිම් 84
දිනේශ් චන්දිමාල් – ඉනිම් 87
දනංජය ද සිල්වා – ඉනිම් 93
මහේල ජයවර්ධන – ඉනිම් 94
TM ඩිල්ශාන් – ඉනිම් 94.

දෙවන ටෙස්ට් තරඟය සඳහා බංග්ලාදේශය, ඔවුන්ගේ ඡේෂ්ඨතම ක්‍රීඩකයෙක් කැඳවයි >>> සම්පූර්ණ විස්තරය කියවන්න (Click)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button