ක්ලාසන් – රසල් කොල්කටාව දෙවනත් කරයි. -
IPLLeague

ක්ලාසන් – රසල් කොල්කටාව දෙවනත් කරයි.

මෙවර IPL තරගාවලියේ තෙවන තරගය කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම හා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර පැවැත්වුනා. කාසියේ වාසිය දිනාගත් SRH නායක පැට් කමින්ස් පළමුව පන්දු යැවීමට තීරණය කලා.

ඒ අනුව පිටියට පිවිසියේ KKR ආරම්භක පිතිකරුවන් වන පිල් සෝල්ට් සමගින් සුනිල් නරායන්. KKR ඉනිමේ ආරම්භය නම් එතරම් සාර්ථක වූයේ නෑ. පන්දුවාර 7 පන්දු 3 ක්වන විට KKR ලකුණු පුවරුව දැක්වුනේ 51-4 ක් ලෙසින්. පිල් සෝල්ට්ගේ පන්දු 40 කින් වාර්තා වූ ලකුණු 54 ත් රමන්දිප් සිංගේ වේගවත් ලකුණු 35 , KKR පිල ලකුනු 119-6 ක් දක්වා ගෙන ගියා.

ඉන් අනතුරුව රිංකු සිංග් සමග එක්වූ ඇන්ඩෘ රසල් කොල්කටාවේ ඊඩන් ගාඩන් පිටිය දෙවනත් කරමින් සුපිරි ඉනිමක් දියත් කරමින් KKR ඉනිම ලකුණු 200 සීමාවෙනුත් ඔබ්බට රැගෙන යාමට සමත්වුනා. රසල් පන්දු 25 කදී වේගවත් ලකුණු 64 ක් නොදැවී රැස් කරගත්තේ දැවැන්ත හයේ පහරවල් 07 ක් සහ හතරේ පහරවල් 03 ක් සමගින්. ඔහුගේ සුපිරි ඉනිම නිසා KKR පිළ පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 කට ලකුණු 208 ක් රැස් කරනු ලැබුවා.

ලකුණු 209 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය SRH කණ්ඩායම තියුණු තරගයකින් අනතුරුව පන්දුවාර 20 අවසානයේ ලබාගත හැකිවූයේ ලකුණු 204 ක් පමණයි. එ අනුව තරගය ලකුණු 04 කින් ජයගැනීමට KKR කණ්ඩායම සමත්වුනා. තරගයේ අවසන් පන්දුවාරයේ ජයග්‍රහණයට ලකුණු 13 ක් අවශ්‍යව තිබූ මොහොතේ විශිෂ්ට පන්දුයැවීමක නිරතවෙමින් හර්ෂිත් රානා ලබාදුන්නේ ලකුණු 08 ක් පමණයි. ඔහු එම පන්දුවාරයේ කඩුලු 02 ක් ද බිඳහෙලුවා.

SRH පිළ වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩාකල හෙන්රිච් ක්ලාසන් පන්දු 29 කදී වේගවත් ලකුණු 63 ක් රැස් කලේ හයේ පහරවල් 08 ක් සමගින්. පන්දු යැවීමේදී හර්ෂිත් රානා ලකුණු 33 කට කඩුලු 03 ක් ද ඇන්ඩෘ රසල් ලකුණු 25 කට කඩුලු 02 ක් ද බිඳහෙලුවා.

රසල් හා ක්ලාසන්ගේ වේගවත් ඉනිම් පහලින්,

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button