ජාත්‍යන්තර පිටියට සමුදුන් ප්‍රභල පන්දුයවන්නෙක් නැවතත් පාකිස්තාන කණ්ඩායමට.. -
News

ජාත්‍යන්තර පිටියට සමුදුන් ප්‍රභල පන්දුයවන්නෙක් නැවතත් පාකිස්තාන කණ්ඩායමට..

එළඹෙන 2024 විස්සයි විස්ස ලෝක කුසලානයේ තේරීම් සඳහා ජාත්‍යන්තර පිටියෙන් සමුගත් ප්‍රභල ක්‍රීඩකයින් දෙදෙනෙකු වන සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් සහ තුන්ඉරියව් ක්‍රීඩක ඉමාද් වසීම්ව සලකා බැලීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සූදානමින් පසුවන බව espn crickinfo වෙබ් අඩවිය වාර්තා කරනවා.

එවකට පාකිස්තාන ක්‍රිකට් ආයතනය සමඟ ඇතිවූ ආරව්ල් සහගත සිදුවීම් හේතුවෙන් මොහොමඩ් අමීර් 2020 වසරේදී ජාත්‍යන්තර පිටියට සමුදුන්නා. මම තවමත් පාකිස්තානය වෙනුවෙන් ක්‍රීඩාකිරීමට සූදානම් බව ඔහු සමාජ මාධ්‍ය තුළ සඳහන් කර තිබූ අතර පාකිස්තාන ක්‍රිකට් ආයතනය සහ ඔහු අතර සාකච්ඡා සාර්ථක බව espn crickinfo වෙබ් අඩවිය වාර්තා කරනවා.

අමීර් සහ ඉමාද් වසීම් යන ක්‍රීඩකයින් දෙදෙනාම මෙවර PSL තරඟාවලිය ක්‍රීඩාකළ අතර එහිදී ඉමාද් වසීම් තුන්ඉරියව්වෙන්ම විශිෂ්ට දස්කම් දැක්වීමට සමත්වූ අතර මොහොමඩ් අමීර් තරඟ 9 ක් තුළ කඩුලු 10 ක් දවාගැනීමට සමත්වුණා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button