ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර තරඟාවලිය ජයග්‍රහණයකින් අරඹයි. -
All News

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මෙවර තරඟාවලිය ජයග්‍රහණයකින් අරඹයි.

මෙවර IPL තරඟාවලියේ 5 වන තරඟය ලෙස පැවතී ගුජරාට් ටයිටන්ස් හා මුම්බායි ඉන්දියන් කණ්ඩායම අතර තරඟයෙන් ලකුණු 6ක ජයක් වාර්තාකර ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි කණ්ඩායම පලමු පන්දුයැවීමට තීරණය කළ අතර, ඒ අනුව පලමුව පන්දුවට පහර දුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 168ක් ලබාගැනීමට සමත්වුණා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Sai sudharsan පන්දු 39කදී ලකුණු 45ක් ලබාගත් අතර, නායක ශුබ්මන් ගිල් පන්දු 22කදී ලකුණු 31ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 14කට කඩුලු 3ක් බිඳ දැමූ අතර, Gerald Coetzee ලකුණු 27කට කඩුලු 2ක් හා Piyush Chawla එක් කඩුල්ලක් ද බිඳ දැමුවා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 9ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 162ක් පමණයි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ යොවුන් ක්‍රීඩක Dewald Brevis පන්දු 38කදී ලකුණු 46ක් ලබාගත් අතර, හිටපු නායක රෝහිට් ශර්මා පන්දු 29කදී වේගවත් ලකුණු 43ක් ද ලබාගැනීමට සමත්වුණා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් Azmatullah Omarzai, Umesh Yadev, Spencer Johnson, Mohit Sharma කඩුලු දෙක බැගින් හා Sai Kishoren එක් කඩුල්ලක් බිඳ දැමූ අතර, තරඟයේ වීරයා සම්මානය පන්දු 39කදී ලකුණු 45ක් ලබාගත් Sai sudharsan දිනාගත්තා.

මුම්රාගේ සුපිරි පන්දු යැවීම වීඩියෝව

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button