පලමු තරයේදී කඩුලු 8ක් දවාගත් කසුන් රාජිත දෙවන තරඟයෙන් ඉවතට. -
News

පලමු තරයේදී කඩුලු 8ක් දවාගත් කසුන් රාජිත දෙවන තරඟයෙන් ඉවතට.

බංග්ලාදේශය සමඟින් පැවතී පලමු ටෙස්ට් තරඟයෙන් ලකුණු 328ක දැවැන්ත ජයක් වාර්තා කරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර, එම තරඟයේදී පලමු ඉනිමේදී කඩුලු 3ක් හා දෙවෙනි ඉනිමේදී කඩුලු 5ක් බැඟින් සම්පූර්ණ තරඟයේදීම කඩුලු 8ක් දවාගනිමින් සුපිරි පන්දු යැවීමක නිරත වීමට කසුන් රාජිත සමත්වුණා.

නමුත්, ඔහු මේ වන විට ආබාධයකට ලක්වී ඇති බැවින් ඔහුගේ බංග්ලාදේශය සමඟින් ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟය ඔහුට අහිමිවෙන බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා.

ඔහු වෙනුවට, පසුගිය ඇෆ්ගනිස්තානය සමඟින් පැවතී ටෙස්ට් තරඟයේදී සුපිරි පන්දු යැවීමක නිරත වූ අසිත ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා ඇති අතර, බොහෝවිට ඔහු දෙවන ටෙස්ට් තරඟය ක්‍රීඩා කරයි.

දෙවන ටෙස්ට් තරඟය ලබන 30 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button