පතිරණ තමයි මගේ crush එක – මතීශ පිළිබඳව තරුණියක් කළ ප්‍රකාශයක් -
Video

පතිරණ තමයි මගේ crush එක – මතීශ පිළිබඳව තරුණියක් කළ ප්‍රකාශයක්

මෙවර 2024 IPL තරඟාවලිය මේ දිනවල පැවැත්වෙනවා. මේ වනවිට සහභාගි වූ තරඟ දෙකම ජයගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවෙනවා.

මෙවර චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කරමින් මතීශ පතිරණ සහ මහීශ් තීක්ශණ ක්‍රීඩා කරනවා. මෙවර තරඟාවලියේ පළමු තරඟයට ක්‍රීඩාකළ මතීශ පතිරණ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහි තරඟයේදී සාර්ථක පන්දුයෑවීමක නිරතවුණා. ඒ සිය පන්දුවාර 04 තුළ ලකුණු 29 කට එක් කඩුල්ලක් බිඳදමමින්.

තරඟයෙන් අනතුරුව ඉන්දීය සමාජ මාද්‍ය නාළිකාවකට අදහස් දක්වමින් මතීශ පිළිබඳව තරුණියක් කළ ප්‍රකාශයක් මේ දිනවල සමාජ මාද්‍ය තුළ බොහෝ දෙනාගේ අවදානය දිනාගෙන තිබෙනවා.

ඇය පවසා තිබෙන්නේ මතීශ පතිරණ ඇයගේ ක්‍රශ් එක බවයි. ( ඇය පැවසූ අදහස් පහතින් )

” පතිරණ තමයි මගේ crush එක.. වෙනම විදිහක් එයා field කරනකොට.. එයා කොහෙට ගියත් එයා දිහාමයි බලන්නේ.. එයාගේ විකට් එකක් ගත්ත ම දාන action එකට ගොඩක් ම ආසයි.”

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button