ලිට්න් දාස් ව විවේක ගැන්විය යුතුයි – බංගලාදේශ ක්‍රිකට් සභාපති -
News

ලිට්න් දාස් ව විවේක ගැන්විය යුතුයි – බංගලාදේශ ක්‍රිකට් සභාපති

ශ්‍රී ලංකාව සමඟින් පැවතී පලමු එක්දින තරඟ දෙකේදීම ලකුණු නොලබා දැවීගිය ලිට්න් දාස්, එක්දින සංචිතයෙන් ඉවත්කළ අතර, පසුව නැවතත් ඔහුව ටෙස්ට් තරඟාවලිය සඳහා නම් කරනු ලැබුවා.

ඒ අනුව පලමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කළ ලිට්න් දාස්, පලමු ඉනිමේ ලකුණු 25ක් ලබාගත් නමුත් දෙවෙනි ඉනිමේදී පලමු පන්දුවට හයේ පහරක් එල්ල කිරීමට ගොස් ඇන්ජලෝ මැතිව්ස් අතට උඩපන්දුවක් ලබාදෙමින් ලකුණු නොලබා දැවීගියා.

එපමණක් නොව, කඩුලු රකිමින් සිටියදී, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දවාගැනීමට තිබූ අවස්ථා කිහිපයක්ම ඔහු අතින් ගිලිහී ගියා.

එබැවින්, බංගලාදේශ ක්‍රිකට් සභාපති Nazmul Hasan පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සමඟින් පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරඟයේදී ලිට්න් දාස්ව විවේක ගැන්විය යුතු බවයි.

දෙවෙන ටෙස්ට් තරඟය 30 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button