ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතකය ලබාගනී. -
All News

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතකය ලබාගනී.

බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පලමු දිනයේ තේ පානය සඳහා තරඟය නතර කරන විට සිය පලමු ඉනිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 214ක් ලබාගෙන සිටිනවා.

දිවා ආහාරයෙන් අනතුරුව ලකුණු 57ක් ලබාසිටි නිශාන් මදුශ්ක දුවද්දී දැවීගිය අතර, ඒ වන විට ශ්‍රී ලංකාව ලකුණු 96ක් ලබාගෙන සිටියා.

අනතුරුව දිමුත් කරුණාරත්න සමඟින් එක්වූ කුසල් මෙන්ඩිස් නැවතත් විශිෂ්ඨ සබඳතාවක් ගොඩනැඟීමට සමත්වූ අතර, ඔවුන් දෙදෙනා දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 114ක සබඳතාවක් එක් කිරීමට සමත්වුණා.

මෙහිදී දිමුත් කරුණාරත්න සිය 37 වන ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් අතර, ඔහු පන්දු 129කදී හතරේ පහර 8ක් හා හයේ පහරක් සමඟින් ලකුණු 86ක් ලබාසිටියදී අවාසනාවන්ත දැවීගියා.

ටෙස්ට් ඉනිම් 7කට පසු නැවතත් සාර්ථක ඉනිමක් දියත් කිරීමට සමත්වූ කුසල් මෙන්ඩිස් ටෙස්ට් දිවියේ 18 වන අර්ධ ශතකය රැස්කර ගත් අතර, ඔහු මේ වන විට ලකුණු 65ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිනවා.

තේ පානය සඳහා තරඟය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම – 214/2

නිශාන් මදුශ්ක OUT – 57 (105)
දිමුත් කරුණාරත්න OUT – 86 (129)
කුසල් මෙන්ඩිස්* – 65 (105)
ඇන්ජලෝ මැතිව්ස්* – 1 (9)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button