KKR කණ්ඩායම IPL ඉතිහාසයේ දෙවෙනියට වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරයි. -
IPLLeague

KKR කණ්ඩායම IPL ඉතිහාසයේ දෙවෙනියට වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරයි.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකියි) මෙවර IPL තරගාවලියේ 16 වන තරගය දිල්ලි කැපිටල්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැත්වුනා. තරගයේ කාසියේ වාසිය දිනාගත් කොල්කටා නායක ශෙයාස් අයියර් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කලා.

ඒ අනුව ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 කට ලකුණු 272 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කලා. එය IPL ඉතිහාසයේ කණ්ඩායමක් එක් ඉනිමකදී රැස්කර ගත් දෙවෙනියට වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩාකල සුනිල් නරායන් තම විස්සයි විස්ස දිවියේ ඉහලම ඉනිම ක්‍රීඩාකරමින් පන්දු 39 ක දී ලකුණු 85 ක් රැස් කලා. ඔහුගේ ඉනිමට හයේ පහර 07 ක් සහ හතරේ පහර 07 ක් ඇතුලත් වුනා. ඔහුට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කල අන්ක්‍රිස් රගුවංශි පන්දු 27 කදී වේගවත් ලකුණු 54 ක් රැස් කලේ හයේ පහරවල් 03 ක් සහ හතරේ පහරවල් 05 ක් සමගින්.

ඉනිම අවසානයේ වේගවත් ඉනිම් දියත් කිරීමට ඇන්ඩෘ රසල් හා රිංකු සිංග් සමත්වුනා. රසල් පන්දු 19 කදී හයේ පහරවල් 03 ක් සහ හතරේ පහරවල් 4 ක් සමග වේගවත් ලකුණු 41 ක් රැස් කලා. රිංකු සිංග් පන්දු 8 කදී හයේ පහරවල් 03 ක් සහ එක් හතරේ පහරක් සමග ලකුණු 26 ක් රැස් කලේ 325 ක ප්‍රහාරාත්මක වේගයක් පවත්වාගනිමින්.

ඇන්ඩෘ රසල් දවාගැනීමට ඉශාන්ට් ශර්මා යොමු කළ යෝකර් පන්දුව වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button