IPL ඉතිහාසයේ දෙවන ඉහළම ලකුණු පුවරුව වාර්තා වූ තරඟයෙන් කොල්කටා කණ්ඩායමට පහසු ජයක්.. -
IPLLeague

IPL ඉතිහාසයේ දෙවන ඉහළම ලකුණු පුවරුව වාර්තා වූ තරඟයෙන් කොල්කටා කණ්ඩායමට පහසු ජයක්..

මෙවර IPL තරගාවලියේ 16 වන තරගය දිල්ලි කැපිටල්ස් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවැත්වුනු අතර ලකුණු 106 ක පහසු ජයක් වාර්තා කරමින් අඛණ්ඩව ලද තෙවන ජයත් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 කට ලකුණු 272 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කලා. එය IPL ඉතිහාසයේ කණ්ඩායමක් එක් ඉනිමකදී රැස්කර ගත් දෙවෙනියට වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

සුපිරි ඉනිමක් ක්‍රීඩාකළ සුනිල් නරීන් සිය විස්සයි විස්ස දිවියේ හොඳම ඉනිම ක්‍රීඩාකරමින් පන්දු 39 කදී ලකුණු 85 ක් රැස් කලා. ඔහුට අමතරව පළමු IPL තරඟයට ක්‍රීඩාකළ අන්ක්‍රිස් රගුවංශි පන්දු 27 කදී වේගවත් ලකුණු 54 ක් රැස් කළ අතර ඉනිමේ අවසන් භාගයේ වේගවත් ඉනිමක් දියත් කිරීමට ඇන්ඩ්‍රි රසල් සමත්වුනේ පන්දු 19 කදී වේගවත් ලකුණු 41 වාර්තා කරමින්.

ලකුණු 273 ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 166 ක් පමණයි. දිල්ලි ඉනිම වෙනුවෙන් ට්‍රස්ටන් ස්‍ටුබ්ස් අර්ධ ශතකයක් 54(32) වාර්තා කළ අතර නායක රිශාබ් පාන්ට් පිට පිට දෙවන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත්වුණා. 55 (25)

වෙන්කටේශ් අයියර් යොමුකළ දිල්ලි ඉනිමේ 12 වන පන්දුවාරයට හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමඟින් ලකුණු 28 ක් උදුරාගැනීමට රිශාබ් පාන්ට් සමත්වීම විශේශත්වයක්. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

වීඩියෝව

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button