ලොව අංක එකේ T20 පිතිකරු මීලඟ තරඟයේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට. -
IPLLeague

ලොව අංක එකේ T20 පිතිකරු මීලඟ තරඟයේ සිට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට.

ලෝකයේ අංක එකේ විස්සයි විස්ස පිතිකරු සූර්යකුමාර් යාදෙව් හට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙ ඊලඟ තරඟයේ සිට ක්‍රීඩා කිරීමට හැකි බව ක්‍රික්ඉන්ෆෝ වෙබ්අඩවිය සඳහන් කර තිබෙනවා.

ඔහු අවසන් වරට තරඟයක් ක්‍රීඩාකර ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ වන අතර, ඒ දකුණු අප්‍රිකාව සමඟින් පැවතී තුන්වන විස්සයි විස්ස තරඟයේදී යි.

එහිදී ඔහු විශිෂ්ඨ ශතකයක් ද වාර්තාකර ගැනීමට සම්ත්වූ අතර, පසුව ඔහුගේ වළලුකර ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ශල්‍යකර්මයකට මුහුණදීමට සිදුවුණා.

එබැවින් ඔහුට, මෙවර IPL තරඟාවලිය මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩා කළ තරඟ තුනම අහිමිවූ නමුත්, මීලඟ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමඟින් පැවැත්වීමට නියමිත තරඟයේ සිට නැවතත් සූර්යකුමාර් යාදෙව් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමඟින් ක්‍රීඩා කිරීමට නියමිත බවටයි සඳහන් වන්නේ.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button