මෙවර IPL තරඟාවලියේ පලමු ශතකය විරාට් කෝලිගෙන්. -
All News

මෙවර IPL තරඟාවලියේ පලමු ශතකය විරාට් කෝලිගෙන්.

(කෝලිගේ විශිෂ්ඨ ඉනිම වීඩියෝ එක පහළින් නැරඹිය හැකිය) 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 19 වන තරඟය ලෙස රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර පැවැත්වෙන තරඟයේදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කරමින් විරාට් කෝලි ශතකයක් රැස්කර ගැනීමට සමත්වුණා.

පලමුව පන්දුවට පහර දුන් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3ක් දැවී ලකුණු 183ක් රැස්කර ගත් අතර නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 44ක් හා විරාට් කෝලි නොදැවී ලකුණු 113ක් රැස්කර ගැනීමට සමත්වුණා.

මෙම ශතකය මෙවර IPL තරඟාවලියේ වාර්තා වූ පලමු ශතකය වන අතර, විරාට් කෝලිගේ 8 වන IPL ශතකයයි.

මෙම තරඟයේදී වාර්තාවන එක් හයේ පහරක් සඳහා රාජස්ථාන්හි පිහිටී නිවාස 6ක් සූර්ය පැනල මඟින් බලගැන්වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තීරණය කර ඇති අතර, විරාට් කෝලි මෙම ඉනිමේදී හයේ පහර 4ක් වාර්තාකර තිබීම හේතුවෙන් නිවාස 24කට සූර්‍ය පැනල හිමිවෙනවා.

කෝලිගේ විශිෂ්ඨ ඉනිම වීඩියෝ එක මෙන්න

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button