කොදෙව් ක්‍රිකට් අනාගතය ශ්‍රී ලාංකිකයෙකුට.. -
News

කොදෙව් ක්‍රිකට් අනාගතය ශ්‍රී ලාංකිකයෙකුට..

බටහිර ඉන්දීය කොදෙව් පිරිමි ක්‍රිකට් ඇකඩමියේ ප්‍රධාන පුහුණුකරු ධූරය සඳහා හිටපු ශ්‍රී ලංකා පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන රමේශ් සුබසිංහ මහතා පත්කර තිබෙනවා.

මීට පෙර රමේශ් සුභසිංහ, නවසීලන්ත ක්‍රිකට් සංවර්ධන වැඩසටහනේ පුහුණුකරුවෙකු ලෙසින් සහ කුසලතා සංවර්ධන කළමණාකරුවෙකු ලෙසින්ද සිය සේවය සපයා තිබෙනවා.

රමේශ් සුභසිංහ ICC තුන්වන මට්ටමේ පුහුණුකරුවෙකු ලෙසින් සිය සුදුසුකම් සපුරා තිබෙන අතර මෙම ධූරය සඳහා අයදුම්කරුවන් 53 දෙනෙකු අතරින් ඔහුව තෝරාගෙන තිබීම විශේශත්වයක්.

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ඇකඩමිය එරට නැඟීඑන ක්‍රිකට කණ්ඩායම වශයෙන් සලකන ලබන අතර ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් නිර්මාණය කරන කාර්යද මෙහි ඉටුකරනව.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button