ගුජරාට් ටයිටන්ස් පරදමින් ලක්නව් කණ්ඩායමට පහසු ජයක්.. -
IPLLeague

ගුජරාට් ටයිටන්ස් පරදමින් ලක්නව් කණ්ඩායමට පහසු ජයක්..

(වීඩියෝව පහතින් නැරඹිය හැකියි) මෙවර IPL තරඟාවලියේ 21 වන තරඟය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වුණු අතර ලකුණු 33 ක පහසු ජයක් වාර්තා කරමින් තරඟාවලියේ සිය තෙවන ජය වාර්තා කිරීමට ලක්නව් කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 කට ලකුණු 163 ක් රැස්කළා. එහිදී ලක්නව් කණ්ඩායම වෙනුවෙන් පන්දු 43 කදී ලකුණු 58 ක් රැස්කිරීමට මාකස් ස්ටොයිනිස් සමත්වුණා.

ලකුණු 164 ක ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 130 ක් පමණයි. ගුජරාට් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දුයැවීමක නිරතවූ යශ් තකූර් ලකුණු 30 කට කඩුලු 5 ක් බිඳදැමූ අතර කුර්නාල් පාන්ඩ්‍යා ලකුණු 11 කට කඩුලු 03 ක් බිදහෙලුවා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ප්‍රභල කඩුල්ලක් වූ කේන් විලියම්සන්ගේ ඉනිම නිමාකිරීමට රවී බිශ්නෝයි සමත්වුණේ මෙවර තරඟාවලියේ විශිෂ්ටතම උඩපන්දුවක් රැකගනිමින් ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

රවී බිශ්නෝයි රැකගත් සුපිරි උඩපන්දුව ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button