14 හැවිරිදි චමෝදි , එංගලන්ත ඉනිම සුනුවිසුනු කරයි. -
Video

14 හැවිරිදි චමෝදි , එංගලන්ත ඉනිම සුනුවිසුනු කරයි.

(වීඩියෝ එක පහළින් නැරඹිය හැකියි) කාන්තා 19 න් පහල තුන්කොන් ක්‍රිකට් තරගාවලිය මේ දිනවල ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. එයට සහභාගී වන කණ්ඩායම් නම් ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාව හා එංගලන්තයයි. පන්දුවාර 50 තරග ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තරගය අද(09) පැවැත්වුනා.

19 න් පහල ශ්‍රී ලංකා නායිකා මනූදි නානායක්කාර කාසියේ වාසිය ජයග්‍රහණය කොට පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කලා. ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 48 යි පන්දු 4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 226 ක් රැස් කලා. රශ්මිකා සෙව්වන්දි පන්දු 58 කදී ලකුණු 59 ක් රැස් කලා.

ලකුණු 227 ක ඉලක්කයක් හඹාගිය එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 23 යි පන්දු 3 කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 118 ක් පමණයි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ජෝඩි ග්‍රෙව්කොක් රැස් කලේ ලකුණු 26 ක් පමණයි. සුපිරි පන්දු යැවීමක නිරත වූ 14 හැවිරිදි චමෝදි මුණසිංහ ලකුණු 42 කට කඩුලු 05 ක් බිඳ හෙලුවා. ඇයට නොදෙවෙනි පන්දු යැවීමක නිරත වූ දෙව්මි විහංගා ලකුණු 43 කට කඩුලු 04 ක් බිඳ හෙලුවා. ශ්‍රී ලංකාව මෙම තරගය ලකුණු 108 කින් ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවනවා.

අවුරුදු 14ක් වන චමෝදි ලබාගත් කඩුලු 5 වීඩියෝ එක මෙන්න.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button