බැංගලෝරයට එරෙහිව බුම්රාගෙන් සුපිරි පන්දුයැවීමක්.. -
All News

බැංගලෝරයට එරෙහිව බුම්රාගෙන් සුපිරි පන්දුයැවීමක්..

මෙවර IPL තරඟාවලියේ 25 වන තරඟය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙනවා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 08 කට ලකුණු 196 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟුවා. බැංගලෝර් ඉනිම වෙනුවෙන් නායක ෆැෆ් ඩු ප්ලෙසිස් ලකුණු 61 ක් රැස්කළ අතර ටිම් ඩේවිඩ් රැකගත් සුපිරි උඩපන්දුවකින් ඔහුගේ ඉනිම නිමාවුණා. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි ) රාජාට් පතිදර් පන්දු 26 කින් අර්ධ ශතකයක් වාර්තා කළ අතර තරඟයේ අවසාන පන්දුවාර කිහිපයේ වේගවත් ඉනිමක් දියත්කළ දිනේශ් කාර්තික් පන්දු 23 කින් නොදැවී ලකුණු 53 ක් රැස්කළා. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දුයැවීමක නිරතවූ ජස්ප්‍රිට් බුම්රා ලකුණු 21 කට කඩුලු 05 ක් බිඳදැමුවා.

මෙවර තරඟාවලියේ අඛණ්ඩව 06 වන වරටත් අසාර්ථක වූ ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 00 කට දැවීගියා. පසුගිය තරඟ කිහිපයේ සාර්ථක වූ විරාත් කෝලි ලකුණු 03 කට දැවීගියේ ජස්ප්‍රිට් බුම්රාගේ පන්දුවකට ඉශාන් ක්‍රිශාන් රැකගත් විශිෂ්ට උඩපන්දුවකින්.

විරාත් කෝලිගෙ ඉනිම නිමාකිරීමට ඉශාන් ක්‍රිශාන් රැකගත් විශිෂ්ට උඩපන්දු රැකීම ( වීඩියෝව )

ෆැෆ් ඩු ප්ලෙසිස්ගෙ ඉනිම නිමාකළ ටිම් ඩේවිඩ් රැකගත් සුපිරි උඩපන්දුව (වීඩියෝව)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button