ඉන්දියාව කියන්නෙ මගේ දෙවෙනි ගෙදර – මුරලි -
Conference

ඉන්දියාව කියන්නෙ මගේ දෙවෙනි ගෙදර – මුරලි

ඉන්දිය සමාජ මාධ්‍ය පිටුවක් වන Curly Tales සමග සුහද සාකච්ඡාවකට ශ්‍රී ලංකා සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පසුගියදා එක්වුනා. එහිදී නිවේදිකාව හා ඔහු අතර ගිය සුහද සාකච්ඡාවේ කොටස් මෙලෙස වේ.

ඔබ සෑමවිටම ඉන්දියාවට පැමිනෙන විට කරන්න උත්සහ කරන දේ මොකක්ද?

මම හැමවිටම ඉන්දියාවෙ ඉන්නෙ. මන් බැදලා ඉන්නෙ චෙන්නායි වලින්. ඉන්දියාව කියන්නෙ මගේ දෙවෙනි ගෙදර වගේ. ඒ වගේම මගේ මුතුන් මිත්තනුත් එහේ(ඉන්දියාවේ).

ඔබේ ආච්චිලා සීයලා ඉන්දියාවෙ අය නේද?

ඔව් . ඒ වගේම එකදෙයක් නොමේ ඉන්දියාවෙ ගොඩක් දේවල් තියෙනවා කරන්න. ඉන්දියාව කියන්නේ අවස්ථාවන්ට පාරාදීසයක්.

ඔබ හින්දි දන්නවද? ඔබට ඉන්දියාව එක්ක ශක්තිමත් සම්බන්දයක් තිබෙනවා වුවත්?

දෙමල. මට දෙමල හොදින් කතා කරන්න පුලුවන්.

ඔබ ඔබගේ ආච්චිලා සීයලා ගැන කතා කරා ඉන්දියාවෙ ජීවත්වුනු?

ඒ ගොල්ලො තමිල්නාඩුවේ. ඒ ප්‍රදේශයට කියන්නෙ ත්‍රිචි කියලා.ඒක කුඩාගම්මානයක්. මගේ සීයා ගොවියෙක්. බ්‍රිතාන්‍ය ජාතිකයින් 1920 ගනන්වල මිනිස්සුව ගත්තා ශ්‍රී ලංකාවේ තේ වතුවල වැඩ කරන්න. මගේ සීයගේ රැකියාව වුනේ සුපර්වයිසර්. ඔහුගේ බිරිද තේ දලු නෙලුවා. ඇය බ්‍රිතාන්‍ය ජාතික සුපිරින්ටන් කෙනෙක් එක්ක ගැටුමක් ඇතිකරගත්තා. ඉතින් උසාවිය තිරණය කලා මේ දෙන්නවම පිටුවහල් කරන්න. ඒ කාලේ මගේ මාමලා කොළඹ වැඩ කලේ. ඔවුන් ටිකක් ඉගෙනගෙන තිබුනා. මගේ තාත්තට නම් සල්ලි තිබුනේ නැහැ ඉගෙනගන්න. ඒත් අනිත් මාමලා දෙන්නා ඉගෙනගත්තා. එක්කෙනෙක් නුවරට ගියා. ඔහු බිස්කට් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අලෙවි නියෝජිතයෙකු ලෙස කටයුතුකලා. අපි ඔක්කොම ඉපදුනේ නුවර.

බිස්නස්කරන කෙනෙක්ගෙ පුතෙක් කොහොමද ක්‍රිකට් වලට ආවේ?

අපිව කතෝලික පාසලකට දැම්ම. මාවයි මගේ එක් සහෝදරයකුයි. කතෝලික පාසල්වල නීති හා රෙගුලාසි තිබෙනවනෙ. උදේ 5.30 ට නැගිටින්න ඕනි. අපේ ඇදුම් හෝදගන්න ඔනි. ඔබ හැමදේම කරන්න ඕනි. සෙල්ලම් කරන වෙලාවෙ හැමොම ක්‍රීඩාකලේ ක්‍රිකට්. ඒක තමයි මම ක්‍රිකට්වලට ආදරය කරන්න පටන් ගත්ත පාර.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button