දෝනිව නැරඹීමට තම දියණියන්ගේ පාසල් ගාස්තුවත් නොගෙවා රුපියල් 64000 ක් වියදම් කල පියෙක් -
IPLLeague

දෝනිව නැරඹීමට තම දියණියන්ගේ පාසල් ගාස්තුවත් නොගෙවා රුපියල් 64000 ක් වියදම් කල පියෙක්

ඉන්දීය සුපිරි පිතිකරුවෙක් වන මහේන්ද්‍ර සිං දෝණිට ඉන්දීය ප්‍රේක්ෂකයන් සලකන්නෙ දෙවියෙක් වගේ. ඉතින් දෝනි ක්‍රීඩාකරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ රසිකයෙක් දෝනි සෙල්ලම් කරනවා බලන්න රුපියල් 64000 ක් ටිකට් මිලදීගෙන තිබෙනවා. ඔහු මෙලෙස වියදම් කරලා තියෙන්නේ තමන්ගෙ දියණියන්ගේ පාසල් ගාස්තුත් නොගෙවා.

sportswalk chennai නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ ගැන මෙලෙස පවසා තිබුනා.

මට ටිකට් ගන්න හම්බවුනේ නෑ. මං ඒවා කලුකඩෙන් ගත්තේ. ඉතින් ඒකට මට රුපියල් 64000 ක් ගියා. මන් තාමත් පාසල් ගාස්තු ගෙවලා නෑ. ඒ උනාට අපිට ඕනි වුනේ M.S. දෝනිව එකපාරක් හරි බලන්න යනුවෙනි.

ඔහු සහ ඔහුගේ දියනියන් තිදෙනා මහේන්ද්‍ර සිං දෝනිව දැක සතුටින් සිටින අතරවාරයේ ඔහු තවමත් දියනියන් තිදෙනාගේ පාසල් ගාස්තු නොගෙවා තිබීම හෙලිදරව් වීම අන්තර්ජාලයේ උණුසුම් කතාබහක් ඇතිවුනා. ඉන්දීය රුපියල් 64000 ක් යනු ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙලක්ෂ විසි අටදහසක් තරම් මුදලක්.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button