බට්ලර්ගේ සටන්කාමී ශතකය රාජස්ථානයට ජයගෙන දෙයි. -
All News

බට්ලර්ගේ සටන්කාමී ශතකය රාජස්ථානයට ජයගෙන දෙයි.

(වීඩියෝ පහළින් නැරඹිය හැකිය) මෙවර IPL තරඟාවලියේ 31 වන තරඟය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ඊයේ (16) පැවැත්වුණා. තියුණු තරඟයකින් අනතුරුව කඩුලු දෙකක ජයක් වාර්තා කිරීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුනේ තරඟාවලියේ සිය 06 වන ජයද සමඟින්.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් කොල්කටා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 කට ලකුණු 223 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත්වුණා. එහිදී සුපිරි ඉනිමක් දියත්කරමින් ආරම්භක පිතිකරු සුනිල් නරීන් සිය මංගල IPL ශතකයද සමඟින් පන්දු 56 කදී ලකුණු 109 ක් රැස්කළේ හතරේ පහර 13 ක් සහ හයේ පහර 6 ක් වාර්තා කරමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව අවසන් පන්දුවේදී ලකුණු 224 ක ඉලක්කය හඹායාමට සමත්වුණා. රාජස්ථාන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනයමින් සටන්කාමි ඉනිමක් දියත්කළ ජෝස් බට්ලර් මෙවර IPL තරඟාවලියේ සිය දෙවන ශතකයද වාර්තා කරමින් පන්දු 60 කදී නොදැවී ලකුණු 107 ක් වාර්තාකළා. ඊට හතරේ පහර 9 ක් හයේ පහර 6 ක් ඇතුළත් වුණා. ( බට්ලර්ගෙ විශිෂ්ට ඉනිම පහතින් නැරඹිය හැකියි )

බට්ලර් දියත්කළ සටන්කාමි ඉනිම ( වීඩියෝව )

දෙපිළටම තීරණාත්මක වූ තරඟයේ අවසන් පන්දුවාරය ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button