චමරි අතපත්තුගෙන් ලෝක වාර්තාවක්. -
Records

චමරි අතපත්තුගෙන් ලෝක වාර්තාවක්.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන එක්දින තරගයේදී සුපිරි ඉනිමක් ක්‍රීඩාකරමින් ශ්‍රී ලංකාව වෙත ජයග්‍රහණය ගෙන ඒමට චමරි අතපත්තු සමත්විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දු යැවීමට තීරණය කරනු ලැබුවා. ඒ අනුව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ලකුණු 301 ක ලකුණු පුවරුවක් නිර්මාණය කලා. ලෝරා වෝල්වාර්ඩ් පන්දු 147 කදී නොදැවී ලකුණු 184 ක් රැස් කලේ හයේ පහරවල් 04 ක් සහ හතරේ පහරවල් 23 ක් සමගින්. කාන්තා එක්දින ජාත්‍යන්තර ඉතිහාසයේ ක්‍රීඩිකාවක් රැස් කල 04 වැනියට ඉහළම ලකුණු සංඛ්‍යාව ඇය අද වාර්තා කරනු ලැබුවා. කෙසේ නමුත් එය එතරම් වෙලා පැවතුනේ නෑ චමරිගේ සුපිරි ඉනිම ලෝරාගෙ ඉනිම 05 වෙනි තැනට ඇද දමනු ලැබුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකල ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 45 කදී කඩුලු 4 ක් පමණක් දැවී නියමිත ඉලක්කය පසු කරමින් කඩුලු 06 ක විශිෂ්ට ජයක් වාර්තා කරනු ලැබුවා. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල චමරි අතපත්තු පන්දු 139 කදී නොදැවී ලකුණු 195 ක් වාර්තා කලා. ඇයගේ ඉනිමට හයේ පහරවල් 05 ක් සහ හතරේ පහරවල් 26 ක් ඇතුලත් වුනා. චමරිගේ ඉනිම එක්දින කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ ක්‍රීඩිකාවක් රැස්කල තෙවන ඉහලම ලකුණු සංඛ්‍යාවයි.

කාන්තා එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉහලම ඉනිම් රැස් කල ක්‍රීඩිකාවන්

අමේලියා කර් – 232 * අයර්ලන්තයට එරෙහිව 2018
බෙලින්ඩා ක්ලාර්ක් – 229* ඩෙන්මාර්කයට එරෙහිව 1997
චමරි අතපත්තු – 195* දකුණු අප්‍රිකාවට එරෙහිව 2024

චමරි අද කාන්තා එක්දින තරගයක හඹා යෑමේදී ක්‍රීඩිකාවක් රැස් කල ඉහළම ලකුණු වාර්තාව තමන් සතු කරගැනීමට සමත්වුනා. ඒ 2017 වසරේ ඕස්ට්‍රේලියානු නායිකා මෙග් ලැනින් නොදැවී ලකුණු 152 ක් ලබාගෙන තබා තිබූ වාර්තාව බිඳ දමමින්.

එමෙන්ම එක්දින කාන්තා තරග ඉතිහාසයේ ලකුණු 300 කට වැඩි ඉලක්කයක් හඹාගොස් ජයගත් පළමු හා එකම කණ්ඩායම බවටද ශ්‍රී ලංකා කණ්ඩායම පත්වුනා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button