චෙන්නායි පරදමින් ලක්නව් කණ්ඩායමට පහසු ජයක්.. -
IPLLeague

චෙන්නායි පරදමින් ලක්නව් කණ්ඩායමට පහසු ජයක්..

මෙවර IPL තරඟාවලියේ 34 වන තරඟය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුණා. තරඟයෙන් කඩුලු 08 ක පහසු ජයක් වාර්තා කිරීමට ලක්නව් කණ්ඩායම සමත්වුණේ තරඟාවලියේ සිය සිව්වන ජයත් සමඟින්.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 176 ක් රැස්කළා. චෙන්නායි ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිකරණයක නිරත වූ රවීන්ද්‍ර ජඩේජා පන්දු 40 කින් නොදැවී ලකුණු 57 ක් වාර්තා කළා. අවසන් පන්දුවාර දෙකේදී සුපුරුදු පරිදි වේගවත් ඉනිමක් දියත්කරමින් මහේන්ද්‍ර සිං දෝණි පන්දු 09 කින් නොදැවී ලකුණු 28 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ලක්නව් කණ්ඩායම පන්දුවාර 19 කදී නියමිත ඉලක්කය පහසුවෙන් හඹා ගියා. ලක්නව් ඉනිම වෙනුවෙන් කුයින්ටන් ඩි කොක් ලකුණු 54 ක් රැස්කළ අතර විශිෂ්ට ඉනිමක් දියත්කළ නායක ලෝකේශ් රාහුල් පන්දු 53 කින් ලකුණු 82 ක් රැස්කළා.

ලෝකේශ් රාහුල්ගේ ඉනිම නිමාකිරීමට ජඩේජා සමත්වුණේ මතීශ පතිරණ යොමුකළ පන්දුවකදී සුපිරි උඩපන්දුවක් රැකගනිමින්. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

ජඩේජා රැකගත් සුපිරි උඩපන්දුව (වීඩියෝව)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button