ලෝක කුසලාන කණ්ඩායම් දෙකක අනුග්‍රාහිත්වය ඉන්දියානු රජයේ සමාගමකට ? -
News

ලෝක කුසලාන කණ්ඩායම් දෙකක අනුග්‍රාහිත්වය ඉන්දියානු රජයේ සමාගමකට ?

2024 වසරේ ඇමරිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කොට ගනිමින්, ජුනි 1 සිට ජුනි 30 දක්වා විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වීමට නියමිතයි.

එහිදී ඇමරිකා එක්සත් ජනපදය , බටහිර ඉන්දීය කොදෙව් දූපත් , ඕස්ට්‍රේලියාව , එංගලන්තය , ඉන්දියාව , නවසීලන්තය , පාකිස්තානය , දකුණු අප්‍රිකාව , ශ්‍රී ලංකාව , නෙදර්ලන්තය , ඇෆ්ගනිස්ථානය , බංග්ලාදේශය , අයර්ලන්තය , ස්කොට්ලන්තය , පැපුවා නිව් ගිනියාව , කැනඩාව , නේපාලය , ඕමානය , නැමීබියාව සහ උගන්ඩාව ලෙස රටවල් 20 ක් තරඟ වැදීමට නියමිතයි.

මේ අතර, එම රටවල් වලින් අයර්ලන්තය සහ ස්කොට්ලන්තය යන රටවල් දෙකෙහිම අනුග්‍රාහකයෙක් ලෙස ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ රජය මගින් පාලනය වන කර්ණාටක කිරි ගොවි සමිතියේ ” නන්දනී ” කිරි නිෂ්පාදන වෙළඳ සන්නාමය කටයුතු කරන බව එහි කළමනාකාර අධ්‍යක්ෂක M.K ජගදීශ් මහතා ප්‍රකාශ කර සිටියා. තව දුරටත් ඔහු සදහන් කළේ එම රටවල් දෙකෙහි නිල අඩුමෙහි ඔවුන්ගේ ” නන්දනී ” කිරි නිෂ්පාදන වෙළඳ සන්නාමය ප්‍රදර්ශනය කරනු ඇති බවයි.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button