ස්ටොයිනිස්ගේ සටන්කාමී ඉනිම ලක්නව් ජය තහවුරු කරයි.. -
IPLLeague

ස්ටොයිනිස්ගේ සටන්කාමී ඉනිම ලක්නව් ජය තහවුරු කරයි..

(වීඩියෝ පහළින් නැරඹිය හැකියි) මෙවර IPL තරඟාවලියේ 39 වන තරඟය ලෙස චෙන්නායි සුපර් කින්ග්ස් හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර පැවැත්වුණු තරඟයෙන් කඩුලු 06 ක ජයක් හිමිකරගැනීමට ලක්නව් කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 කට ලකුණු 210 ක ලකුණු පුවරුවක් ගොඩනැඟූ අතර චෙන්නායි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක රුටුරාජ් ගයික්වාඩ් විශිෂ්ට ශතකයක් සමඟින් පන්දු 60 කින් නොදැවී ලකුණු 108 ක් රැස්කළා.

පිලිතුරු ඉනිම ක්‍රීඩාකළ ලක්නව් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 04 කදී ලකුණු 211 ක ඉලක්කය හඹායමින් තරඟයේ ජය තහවුරු කරගැනීමට සමත්වුණා. ලක්නව් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙනයමින් සටන්කාමී ඉනිමක් දියත්කළ මාකස් ස්ටොයිනිස් පන්දු 63 කින් නොදැවී ලකුණු 124 ක් රැසකළේ හතරේ පහර 13 ක් සහ හයේ පහර 6 ක් ද සමඟින්.

ලක්නව් කණ්ඩායමට අවසන් පන්දුවාරයේදී ලකුණු 17 ක් අවශ්‍ය වූ අතර පළමු පන්දු 04 තුළ හයේ පහරක් සහ හතරේ පහර තුනක් එල්ලකරමින් ලක්නව් ජය තහවුරු කිරීමට මාකස් ස්ටොයිනිස් සමත්වුණා.

මාකස් ස්ටොයිනිස්ගේ විශිෂ්ඨ ශතකය වීඩියෝ එක මෙන්න (වීඩියෝව)

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button