අපි දුප්පත් රටවල් වලට යන්නෙ නෑ – ශෙවාග් -
Conference

අපි දුප්පත් රටවල් වලට යන්නෙ නෑ – ශෙවාග්

ඕස්ට්‍රේලියානු හිටපු කඩුලු රකින ඇඩම් ගිල්ක්‍රිස්ට් හා විරේන්ද්‍ර ශෙවාග් Club Prairie Fire Youtube නාලිකාව සමග පැවති සංවාදයකදී ඉන්දීය ක්‍රිඩකයන් වෙනත් රටවල් වල ලීග් ක්‍රීඩා නොකිරීම ගැන කතාබහට ලක්වුනා.

මෙම සංවාදය හාස්‍යජනක සංවාදයකි. එහිදී ශෙවාග්ගෙන් , ගිල්ක්‍රිස්ට් ඇසූ පැනය වන්නේ ඉන්දිය ක්‍රීඩකයින්ට වෙනත් ලීගවලට පිවිසීමට කවදා හෝ හැකි වේවිද? යන්නයි.

එයට පිළිතුරු සැපයූ ශෙවාග් පැවසුයේ,
නෑ . ඇයි? අවශ්‍යතාවයක් නෑනේ. අපි පොහොසත් මිනිස්සු. අපි දුප්පත් මිනිස්සුන්ගෙ රටවල්වලට යන්නෙ නැ.

මොකද මට තාමත් මතකයි මම ඉන්දීය කණ්ඩායමෙන් විශ්‍රාම ගියාම. විශ්‍රාම නොමේ කණ්ඩායමෙන් එලියට දැම්මම මම IPL ක්‍රීඩා කර කර ඉදියේ. මට BigBash වලින් ඔෆර් එකක් ආවා ඒකට සහභාගි වෙන්න. මම ඕකෙ කියල ඇහුවා ඔයාල කොච්චර මුදලක් මට දෙනවද කියලා. ඔවුන් කිව්වෙ ඩොලර් 100000 ක්. මම කිව්වා මට ඒ ගාන මගේ නිවාඩු දවස්වලට වියදම් කරන්න පුලුවන්.

මාසයක් BigBash ගැහුවොත් හම්බෙන්නෙ උපරිම ඩොලර් ලක්ෂයයි නැත්තම් දෙකයි. ඔයාල ඩොලර් මිලියන ගැන කතා කරනවා නම් ඔන්න මම කැමතී. නැත්තම් මට බැ.

මට එකපාරක් Sky Sports වලින් කෝල් එක ආවා. අපි කැමති ඔබ අපේ පැනල් එකේ ඉන්නවා නම්. මන් කිව්වා ඔයාලට මාව ගන්න බෑ. ඔවුන් කිව්වා නැ ඔයාගෙ ගාන කියන්නකො. මම කිව්වා දවසකට පවුන්ඩ් 10000 ක් කියලා. ඊට පස්සෙ ඔවුන් කිව්වා ඔයා හරි අපිට ඔයාව ගන්න බෑ කියලා.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button