රාජාට් පතිදර් ක්‍රිස් ගේල්ව සමකිරයි.. -
All News

රාජාට් පතිදර් ක්‍රිස් ගේල්ව සමකිරයි..

2024 IPL තරඟාවලියේ 41 වන තරඟය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ සන්රයිසර්ස් හයිද්‍රාබාද් කණ්ඩායම අතර තරඟය ඊයේ (25) පැවැත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 206 ක් රැස්කළා. බැංගලෝර් ඉනිම වෙනුවෙන් විරාත් කෝලි පන්දු 43 කින් ලකුණු 51 ක් රැස්කළා.

වේගවත් ඉනිමක් දියත්කරමින් රාජාට් පතිදර් පන්දු 19 කින් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වූ අතර එය වාර්තා අතරට එක්වුණේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයෙක් වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය ලෙසයි. ඒ සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් සමඟින් සමතැන් ගනිමින්.

රාජාට් පතිදර් දියත්කළ වේගවත් ඉනිම ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button