IPL ඉතිහාසයේ දැවැන්තම ලකුණු හඹායාම පන්ජාබ් කණ්ඩායමෙන්.. -
All News

IPL ඉතිහාසයේ දැවැන්තම ලකුණු හඹායාම පන්ජාබ් කණ්ඩායමෙන්..

මෙවර IPL තරඟාවලියේ 42 වන තරඟය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුණු අතර කඩුලු 08 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 261 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළ අතර නැවතත් විශිෂ්ට ඉනිමක් දියත්කළ සුනිල් නරීන් පන්දු 32 කින් ලකුණු 71 ක් වාර්තා කළා. ඔහුට නොදෙවෙනි ඉනිමක් දියත්කළ පිල් සෝල්ට් පන්දු 37 කින් ලකුණු 75 ක් වාර්තා කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම කඩුලු දෙකක් පමණක් දැවී පන්දුවාර 18 යි පන්දු 4 කදී ඔවුන්ට හිමිවූ ලකුණු 262 ක ඉලක්කය හඹායමින් තරඟයේ ජය වාර්තා කළා. මෙය වාර්තා අතරට එක්වුණේ IPL ඉතිහාසයේ දැවැන්තම ලකුණු හඹායාම ලෙසයි.

එහිදී සුපිරි ඉනිමක් දියත්කළ ජොනී බ්‍රේස්ට්‍රෝව් පන්දු 48 කින් නොදැවී ලකුණු 108 ක් රැස්කළ අතර නැවත වරක් සුපිරි පිතිහරඹයක නිරතවූ ශශාන්ක් සිං පන්දු 28 කින් නොදැවී ලකුණු 68 ක් රැස්කළා. එලෙසම ආරම්භක පිතිකරු ප්‍රබ්ශිම්රන් සිං පන්දු 20 කින් වේගවත් ලකුණු 54 ක් රැස්කළා.

ආරම්භයේ සිට අවසානට දක්වා විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ජොනී බ්‍රේස්ට්‍රෝව්ගේ සුපිරි ඉනිම ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button