මට සෑහෙන්න කියලා තියෙනවා මේක ඔයාගෙ අන්තිම මැච් එක කියලා – කුසල් මෙන්ඩිස් -
Conference

මට සෑහෙන්න කියලා තියෙනවා මේක ඔයාගෙ අන්තිම මැච් එක කියලා – කුසල් මෙන්ඩිස්

අද දෙරණ 360 වැඩසටහනට මෙවර ශ්‍රී ලංකා එක්දින නායක කුසල් මෙන්ඩිස් සහභාගී වූ අතර එහිදී තරඟ විශාල ප්‍රමාණයක් ආසාර්ථක වුණත් දිගින් දිගටම කණ්ඩායමේ රැඳිසීටිම සහ කණ්ඩායමේ අහිමි වේ යැයි ඔබට පීඩනයක් තිබේද යනුවෙන් ඇසූ පැනයකට කුසල් මෙන්ඩිස් පිළිතුරු දුන්නේ මෙලෙසින්.

” ඇත්තටම මට පීඩනයක් තියෙනවා.. සමහරවෙලාවට මැච් එකට කලිනුත් කියලා තියනවා. එකක් දෙකක් නෙමෙයි සෑහෙන්න කියලා තියෙනවා මේක ඔයාට දෙන අන්තිම මැච් එක කියලා. එකපාරක් මට මතකයි එංගලන්තෙත් එක්ක මැච් එකකට කලින් චන්දි අයියා කැප්ටන් කරන කාලෙ වගේ. හොටෙල් එකෙන් යන්න පැය දෙකකට කලින් මට කෝච් සහ පුහුණුකරු ඇවිල්ලා කතාකලා.. එතකොට මගෙන් ඇහුව්වා ඔයාට මේ මැච් එක ගහන්න ඕනෙද කියලා. ඒ කියන්නෙ මන් ඒ වෙද්දි ෆේල් වෙලා හිටියෙ. මන් කිව්වා මට ගහන්නෝනෙ ඔව් කියලා. එතකොට ඒගොල්ල කිව්ව මේක ඔයාට දෙන අන්තිම මැච් එක ඔයා මේකෙ ෆපෝර්ම් කරේ නැත්නම් ඔයා ඩ්‍රොප් වෙනවා කියලා. මන් කිව්වා මට මේක දෙන්න මන් උපරිමය කරනවා කියලා. මට ඉතින් ඒ ෆ්‍රෙශර් එක තිබ්බා. මන් හිතනවා ඒක මට හොඳකටත් වුනේ කියලා. ඉතින් මන් දැනන් හිටියා මේක මගේ අන්තිම තරඟාවලිය කියලා. මන් ඒ මැච් එකේ ලකුණු 50 ක් ලබාගත්තා. ඊටපස්සෙ මන් දිගටම ටීම් එකේ හිටියා.

මට ඒ වගේ අවස්තා ගොඩක් ඇවිල්ල තියෙනවා. මාව ඒ වගේම බැක් කරලා තියෙනවා සීනියර් ප්ලේයර්ස්ල.. මොකද ඒගොල්ලො හිතනවා ඇති මන් ඉස්සරහට හොඳට කරයි කියලා. ඇත්තටම මම පෆෝර්ම් කරපු මැච් ගොඩක් දිනලා තියෙනවා. මන් හිතනවා මගේ ඒ දේ දැකපු නිසා තමයි එයාල බැක් කලේ. පෆෝර්ම් නොරපු ප්ලේයර් කෙනෙක්ව ඒ වගේ බැක් කරන්නෙ නෑ කියන මතයෙ තමයි මම ඉන්නෙ. ඒ දේ දැකපු නිසා එයාල මාව විශ්වාස කලා කියලා තමා මන් හිතන්නෙ.

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button