නුවන් තුශාරගෙන් සාර්ථක පන්දුයැවීමක්.. -
IPLLeague

නුවන් තුශාරගෙන් සාර්ථක පන්දුයැවීමක්..

මෙවර IPL තරඟාවලියේ 48 වන තරඟය ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැත්වුණු අතර තියුණු තරඟයකින් අනතුරුව අවසන් පන්දුවාරයේදී ජය වාර්තා කිරීමට ලක්නව් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 144 ක් රැස්කළා.

ලකුණු 145 ක ඉලක්කයක් හඹාගිය ලක්නව් කණ්ඩායම තියුණු තරඟයකින් අනතුරුව අවසන් පන්දුවාරයේදී එම ඉලක්කය හඹායමින් තරඟයේ ජය වාර්තා කළ අතර ලක්නව් ඉනිම වෙනුවෙන් මාකස් ස්ටොයිනිස් ලකුණු 62 ක් රැස්කළා. ලෝකේශ් රාහුල් ලකුණු 28 ක් රැස්කළ අතර ඔහුගේ ඉනිම නිමාවුණේ මොහොමඩ් නබී හතරේ සීමාව අසළ රැකගත් සුපිරි උඩපන්දුවකින්. ( එම අවස්තාව පහතින් නැරඹිය හැකියි )

මෙම තරඟයේදී නුවන් තුශාර සිය පන්දුවාර හතර ලකුණු 30 කට නිමාකළේ සිය මංගල IPL කඩුල්ලද සමඟින්.

නුවන් තුශාර දවාගත් මංගල IPL කඩුල්ල ( වීඩියෝව )

මොහොමඩ් නබී හයේ සීමාව අසළ රැකගත් සුපිරි උඩපන්දුව ( වීඩියෝව )

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button