භානුක සහ ජනිත්ගෙන් සුපිරි දස්කම්.. -
Domestic

භානුක සහ ජනිත්ගෙන් සුපිරි දස්කම්..

විස්සයි විස්ස ලෝක කුසලානයට පෙර පුහුණුවක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන තුන්කොන් විස්සයි විස්ස තරඟාවලියේ SLC Green කණ්ඩායම සහ SLC Yellow කණ්ඩායම අතර තරඟය අද පැවැත්වුණු අතර ලකුණු 99 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට Greens කණ්ඩායම සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් Greens කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 05 කට ලකුණු 252 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැඟුවා. එහිදී සුපිරි ඉනිමක් දියත්කළ භානුක රාජපක්ෂ පන්දු 36 කින් ලකුණු 88 ක් රැස්කළ අතර ඔහුට නොදෙවෙනි ඉනිමක් දියත්කළ ජනිත් ලියනගේ පන්දු 35 කින් ලකුණු 70 ක් රැස්කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ SLC Yellow කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 153 ක් පමණයි. Greens කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ තරිඳු රත්නායක ලකුණු 25 කට කඩුලු 04 ක් බිඳදැමූ අතර ලක්ශාන් සඳකැන් ලකුණු 28 කට කඩුලු 03 ක් වාර්තා කළා

Link to WhatsApp group

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button